මං මාරයි | Man Maarai by Kelwiz [2021]

Sinhala song lyrics with music notes illustration

අඩේ මං මාරයි
ගෙවපු ජීවිතේ පුදුමාකාරයි
සල්ලි නැති නිසා හිතුවේ
ජීවිතේ මං පරාදයි
නිදාගත්තේ හීනත් එක්ක
ජීවිතේ ගෙවිලා ගොඩක් බොරුවට
ලංවුන මිනිස්සු තියලා
ගියා පරිච්චේදයක්ම

යාලු මං කාලා කට්ට
දැන් ඉන්න තැන පට්ට
ඒ කාලේ රැවටුනේ
මිනිස්සුන්ගේ බොරු හිනාවට
කවුරුත් උන්නෑ උදව් කරන්න
මගේ හීන පාට
ආවා ගියා මිනිස්සු
රිදෙව්වා බලපං ඇත්ත පාර

ඉගෙන ගත්තා ටික කාලයක්
මං ජීවිතේ අකුරු
සීනි නැති දාට කන්නේ අපි
පැණිරහට අකුරු
අතුරු මිතුරු කොහෙද බං
හිත යටින් මුන් හතුරෝ
හොයාගෙන තියෙන්නේ
මගේ හීනෙට යතුරු

හිතපං වයසින් බාලයි මං
අත්දැකීම් වලින් බහුලයි
හිස උඩ තියන් ජීවත් වෙන
මිනිස්සු ඉන්නේ වරුවයි

දැම්මට කලු කෝට් ටයි
වෙන්න බෑ මනුස්සයෙක්
හිනාවත් එක්ක මගේ ලගින් ඉදන් ගොඩක්
ඇන්නේ මට රහසින්

මගේ ජීවිතේ ඇයි
පැටදුනු තැන් බොහොමයි
තනියම හිතින් දුක තුනීකර ගත්තේ

ආදරේ ලැබුන්නෑ
බොරුවෙන් පිරිලා ජීවිතේ
බලපං
හදවත ගලවලා ගොඩ ගත්තා
එලියට ඒ
ජීවිතේ ඇයි පැරදුනු තැන් බොහොමයි
තනියම හිතින් දුක තුනීකර ගත්තේ
ආදරේ ලැබුන්නෑ
බොරුවෙන් පිරිලා ජීවිතේ
බලපං
හදවත ගලවලා ගොඩ ගත්තා
එලියට ඒ

වෙනස් වෙන්න ඕනේ හිතන විදිහ
අදින්නෙපා කවදාවත්ම අඩියෙන්
සතුටෙන් ඉදන් හිනාවෙලා උඹලා
යටි හිත නැත ගන්නේ පලිය
ඇරපු දාට දුවන්නේ ගලිය
යකා ඇවිස්සුනොත් ගන්නෙ පිල්ලිය
මගේ හිත නිතරම කිලි වෙන්නේ
එපා සංවේදි දිනපං කෙලිය
මගේ ගැන මට
දැන දැන කියවන්න ඕනේ නෑනේ විස්තර
ගොඩක් ලිව්වා ප්‍රශ්න පත්තර
කලින් කිව්වෙ බොරු උත්තර මම
මම දෙවියන්ගෙන් කවදාවත්
වැදලා ඉල්ලුවේ නෑනේ බං වරං
පොඩි කාලේ ඉදන්
හැම අස්සක් මුල්ලක් නෑරම
ගැහුවා නේ කරක්

හෙව්වා සතුටක් හම්බුන්නෑ
කොහෙන්වත් මගේ ජීවිතේ තියෙන්නේ
අර කතාවක්
තාත්තා ගියා ජීවිතෙන්
මට තියලා තිතක්
පෙරලන්න හිතුන්නෑ
ජීවිකාවේ පිටු තවත්

තිබ්බා හීනයක්
වෙන්න ලෝකේ ලොකු මනුස්සයෙක්
සල්ලි කොල එක්ක උනා හීනේ
මගේ යට ගියා
සද්දේ කොන්වෙලා
තනිවෙල ජීවිතේ ගෙව්වා
සල්ලි නැති නිසා
ගොඩක් යාලුවෝ මට රැව්වා

නිදහසක් නෑ
තනිකම විතරයි හිත පෙරලන්න
හිතුනා ජීවිත කතාව මගේ
උඹලා දන්නේ මගේ නම විතරයි
මං ගැන නෙවෙයි
මම ගෙවන ගීවිතේ දුක විතරයි
මං ගෙව්වේ
තැන නොතැන දැන කිව්වෙ නෑ
දෙබස් මං මෙහේ නම්
හිනාවෙලා හිටියට මං
ඇතුලෙන් වෙනයි
කාලයක් කිරි පෙව්වා මං
ලගට අරන් නයි
සමාජේ ගොඩක් බල්ලෝ
කන්න දුන්න අත හපන් කයි

මගේ ජීවිතේ ඇයි
පැටදුනු තැන් බොහොමයි
තනියම හිතින් දුක තුනීකර ගත්තේ

ආදරේ ලැබුන්නෑ
බොරුවෙන් පිරිලා ජීවිතේ
බලපං
හදවත ගලවලා ගොඩ ගත්තා
එලියට ඒ
ජීවිතේ ඇයි පැරදුනු තැන් බොහොමයි
තනියම හිතින් දුක තුනීකර ගත්තේ
ආදරේ ලැබුන්නෑ
බොරුවෙන් පිරිලා ජීවිතේ
බලපං
හදවත ගලවලා ගොඩ ගත්තා
එලියට ඒ

දුක් වින්දා කාලයක් තනියම
මැන්නේ මිනිස්සු සල්ලි බලෙන්
ඔබ දැම්මොත් තමයි වැඩි වෙන්නේ
වටිනාකම මැණික් ගලේ
එක පිට එක වැරදුනා මට
අම්මට එහා හොයපු ආලෙන්
ඉගන ගත්තේ ජීවිතේ ගොඩක් දේවල්
මං ගෙවපු වලෙන්

බොරු කියන ඔලුවල
දුවන්නෙ මේ අතුරු බිය
හැමෝගෙම බොරුව පුරවන් හිත තුල
විස පුප්පන්නේ පෙනේ වෙලාවට
ඇද කමට දෙකට නැවෙන මිනිස්සු හොයන්නෙ
නෝට්ටු කොල උඩ

වෙලාව්ට කලාවට දෙන්නම්
පද ගලපමින් වදන්
මගේ සැරට
කකුලෙන් අදිද්දී
ගසලා දුවපං
උබලාගේ ඔලු සැරට
රිදුනද තාම ඇත්ත කතා කලේ
කෙලින් කියන්නෙ මූණට
ඇරපං කට ඇති බොරුවාද
මම නැග්ගේ ඉණිමග කාලා කට්ට
මම එනකන් හිටියා වාරේ
උඹලා එතකන් රැගුවා වාරේ
වචනේ හූරලා බිව්වා මං සාරේ
එතනක් මං කියන්වා
ඒ මගේ ආරේ

උඩට එන්න ලේසි වෙන්න
ආවේ නෑ මම නම්
කවදාවත් කෙටි පාරේ
හැමෝම එක්ක ඉන්නේ මම සාමෙන්
ඇරියොත් අරිනවා එකපාරේ

ජීවිතේ ඇයි පැරදුනු තැන් බොහොමයි
තනියම හිතින් දුක තුනීකර ගත්තේ
ආදරේ ලැබුන්නෑ
බොරුවෙන් පිරිලා ජීවිතේ
බලපං
හදවත ගලවලා ගොඩ ගත්තා
එලියට ඒ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply