මනස | Manasa by Master D ft. Dinesh Madhusanka [2020]

Sinhala song lyrics with music notes illustration

උබට තාම තේරෙන්නෑ
අනේ මෙච්චර කිව්වට
මටත් තේරෙන්නෑ
දැනෙන දේ කියන්න මම වේලෙන්නෑ
ඇහෙන දේ අහන්න සූදානම් නෑ
නෑ කවුරුත්
තම තමන්ගේ ලෝකෙ අරමුණු පවුරු
ජීවිතේ ගැලෙව්වා බැම්මේ දිය තැවරූ
සිහින කෝ සිහින කෝ
නුඹ මට නිතර මැතිරූ
පහන කෝ පහන කෝ
එළිය පැතිරූ

මනස මනස මනස
මාව අමතක කරන් රවන
වරෙක ලයට සුරත තවර
ඇගෙ හීය මනස
මනස මනස මනස
මාව අමතක කරන් රවන
වරෙක ලයට සුරත තවර
ඇගෙ හීය මනස

හොදටම පැටලුනු ආදර කතා
මුලාවට පත්වුන කාමුක රටා
මට ඕනෙ කොහොමත් දෙන්න වැඩිපුර බටා
මාත ආසයි නටන්න පපරේ ගගා
කොහොමද කරන්නේ
ලෝකේ හුරතල් ද
අපිට හැමදාම දෙන්නෙ මුරුතැන් ද
එතකොට වටින්නේ අපිද දෙවියන් ද
සිනාව ඉනාවකි මුලා කල
අපේ ජීවිත ඉන්නෙ ඔහේ බලාගෙන
හැමදාම වැඩිපුර වෙලාගෙන
අපි අමතක වෙලා ආවේ පතාගෙන
මේනෙවෙ කතා හෙම
ලතාව තේරුම් ගත්තේ නටාගෙන
සටපටා එව
හිත කඩාගෙන යන්න හැදු වතා එම
ඒයි වතා එම

මනස මනස මනස
මාව අමතක කරන් රවන
වරෙක ලයට සුරත තවර
ඇගෙ හීය මනස
මනස මනස මනස
මාව අමතක කරන් රවන
වරෙක ලයට සුරත තවර
ඇගෙ හීය මනස

අනාගතේ විනාසද සාසනේ
මට පලාපල කියන්න බැරි කාරනේ
රළු සමාජෙක මුරන්ඩු වැඩි ජීවිතේ
තඩි වෙලා තිබුනා මතකද
රස විතේයි ගී පොතෙයි මධුවිතෙයි
ඇහැ වේදනා සංසිදුව මං පිනයි
හද මෝරලා නම් අතට කව්ලියයි
අපි ඇවිදන් යන ගමන් ගැන
මූණට මූණ පේන්නේ නැති කළුවරක්
නාදෙට ඉඩක් නැති නිසල බවක්
මාවෙත එන්න අරන් මගේ සතුට මරන්
අදුරු ගල්ලෙන් බිත්ති වල අත තවරන්
ඇත දුරකටම ඇවිදගෙන යන්න
මාවෙත කෙලවරන් නොදැන ඉන්න
දාබිදු මොහොතකට රහට යන්න
මාවතක් නැති ගමනේ අතරමං ව

මනස මනස මනස
මාව අමතක කරන් රවන
වරෙක ලයට සුරත තවර
ඇගෙ හීය මනස
මනස මනස මනස
මාව අමතක කරන් රවන
වරෙක ලයට සුරත තවර
ඇගෙ හීය මනස

written by Master D & Dinesh Madhusanka

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply