Sinhala song lyrics with music notes illustration

කවුරු කිව්වත් මන් මගෙ කරගත්තම කෙනා
උනත් මගෙ ජීවිතෙම අසරන වෙලා
මුලදි දුන්න ආදරෙ උබ අමතක කරා
උබත් ගියෙ අසරන හිත මගෙ පෙලා

උනත් වැරදි අතින් දෙන්නම ඉවසලා
හිටියනම් අපි ඉවසල දුක අපි බෙදා
අදත් මම එක්ක තුටින් එක් වෙලා
මැරුන නම් එදා අද ගසුත් පැල වෙලා

පිරිමි හිත වගෙ කලු ගලක් එක ඇත්ත
බැලුවනම් උබත් හරියට මේකෙ පැත්ත
කරෙ බොරුවක්ද උබ ආදරෙ මට නැද්ද
හැදෙයි පිස්සු මට හිස කුඩිච්චියක් වත්ද

උඩින් හිනා වෙල උබ යටින් මට කැස්සට
ජීවිතෙ ටිකට් කඩල උබ මගින් බැස්සට
උනා කුඩු මැව් හීන ජීවිතෙමගෙ ලස්සන
කිව්ව වගෙ තමයි කොහොමත් යන්නෑ මම පස්සට

ලංකර ගත්තෙ උබ මන් මගෙ මෝඩ කමට
වාසියට විතරක් බැලුවෙ මාව ගත්තෙ ඇමට
දුකක් නෑ සරනයි බුදු උබෙ පව්ලෙ සැමට
වෙන්නෑ ආයෙ මුලා උබෙ බොරු බයිලා වලට

හත්තර වටෙ කරල තුවාල නැද්ද මට ප්ලාස්ටර්
නොදන්න කෙනෙක් නෑ මගෙ නම දැන් මාස්ටර්
නැති උනත් ලොකුවට අපෙ ගැන පෝස්ටර්
ආදරෙ උඩ්ඩට ගත්ත මාව උබල මගෙ ගැන්ග්ස්ටර්

කිව්වට දෙන්නම් ගලවල උනත් උබ මට පන
තිස්සෙම බැලුවෙ තියන්න කතාවට තිත
ඉන්න කෙන නෙමෙ මූනට ඇරියම හැව
මතකයි තාමත් ඉස්සර වෙච්ච දේවල් මටත් හැම

උනා හැම දේම ඔය හිනාවට මෙල්ල
එපා චෝදනා මගෙ පැත්තට දැන් එල්ල
පැත්තට හැරෙද්දි වෙනස් වෙන දේ කෙල්ල
ආසයි සමා දෙන්න ආස නෑ නැ නැ වෙන්න

රැපක් නෙමෙ කියවන්නෙ මේක බොක්කෙන්
ගැලෙව්වෙ දත හක්කෙන්
වැරදිත් මගෙ පැත්තෙන්
අල්ලන්නෙ ලොකු අත්තෙන්
බේරුන බොරු හැත්තෙන්
වෙන් උනෙ වෙලවට මන් නම්
මගෙම කැමැත්තෙන්

වින්ද ජීවිතෙ මගෙ වෙලා අද අදුරු
මොන කරුමයක්ද මේ ජීවිතෙ නෑනෙ සොදුරු
තෙරුමක් නෑ බොරදියෙ හෙව්වට දිය කිදුරු
අන්තිමට මතක විතරයි මට ඉතුරු

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply