මේක මගේ රොගේ | Meka Mage Roge by OOSeven [2021]

Sinhala song lyrics with music notes illustration

ඔව් තාම ජීවතුන් අතර මං
අහන්නේ බැනුම් වැහෙන්නේ කන්
අඬන්න බලන් ඉන්නේ මං
අනින්න ඇඟිල්ලෙන් හරි Busy මං
අදනම් හිස හැරුනු අතේ දුවන්නෙ මං

අධිමාත්‍රා වැඩි කරා සද්දේ නැති වෙන්න ශෝකේ
ඇහෙන්නැ දැන් කිසිදෙයක් Okey
මේක මගේ රොගේ මේක මගේ ලොකේ
ඉන්නේ මං විනෝදේ

ඉර පායන වෙලාවට හොදටම නිදි
දැනගෙන කැවේ විස මිදි
මෙහෙම වෙලා මදි .ඉදිමුනා ඇගිල්ලේ තරමට
දැන් අදින්නේ කකුලෙන් මං ඉවසීමෙන් ඉද්දී

ඇයි ? වචන රිදවයි.ඉපදුන දවසේ ඉඳලා ඇහුවෙම බොරු බැලුවෙම සඳ line
හොදටම ඇතී අපි අයින් වෙලා යමු දැන් පයින්

තෙරුම්ගන්න බැරිවෙන්නේ මගේ අලසකම මට
ලැබෙන්නෙ ප්‍රතිපල මගේ ගැන දන්නේ මගේ හිත
පලායන්න හැමදේකින්
මම නැති දවසට ඇහෙයි මගේ කටහඬ

කවුද මම Seven Double O මට මාව අමතක වෙන වෙලාවට ආදරෙන් කැන්දා
මගේ සිතුවිලි බිත්තී වල ඇන්දා ගැලවෙන්න බැරිවෙන්න දුක තදකර බැන්දා

වෙනස් උනා තීරණ බාහිර බලපෑම් වලට මැදි වෙලා මතගැටුම් නැතිදේ මවාපැම්
දරාගන්න බැරි අපි රූකඩ වෙලා බලනවා රඟපෑම්

ඇතිතරම් මග බලන් වාසනාව අත වනනවා මට එදා ඉඳන්
අවසානේ නෙමෙ මේක පටන්ගත්තා විතරයි.දින ගනිනවා මග බලන්

අපි පිපුනා කැලේක පැටලුනා ආස දේක
විසිකලා ලිව්ව චේද. විසි කලේ ඇත්ත ජීවිතේද
පමනට වඩා ඉවසුවා නේද

මිදෙන්න අකමැති මං හැබැවෙනකම් මට රිදවන්
දුවනවා මං දුවනවා මං
මගේ ගමන තනියෙන් මට මාව විස්වාසයි බං

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply