මුතු මැණික් එපා | Muthu Manik Epa by Milton Perera

Sinhala song lyrics with music notes illustration

මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේ
තරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළදේ
බොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේ
හිත් දෙකක් කපා වෙන් කරන්න බෑ විශ්වාසය ඇතොත් සිතේ

හිරු හා නෙළුම් ඇත බැඳී – පිණි හා අරුණ සුව විඳී
මතු දා දිළිඳු පැළකදී – නැවතී ඉන්න සෙවණ දී
සිත හා සිතන සිතුවිලි – සරසා සදන සැණකෙළි
දෙනෙතේ නැගෙන කඳුළැලි – පිසදා මවනු සැණකෙළි

මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේ
තරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළදේ
බොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේ
හිත් දෙකක් කපා වෙන් කරන්න බෑ විශ්වාසය ඇතොත් සිතේ

ඔබ මා ළඟම ගැවසිලා – මවනා සතුට උතුරලා
ගංගා විලස ගල ගලා – යන්නා සයුර වෙත බලා
සයුරේ වෙරළ අසලදී – බැඳිලා මුවට මුහුණ දී
මුසු වී ඉන්න හිත දිදී – එනවා ළඟම දිනකදී

මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේ
තරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළදේ
බොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේ
හිත් දෙකක් කපා වෙන් කරන්න බෑ විශ්වාසය ඇතොත් සිතේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply