නීල ජලේ | Neela Jale by Milton Perera

නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ
පියසලා පියඹලා කැදැල්ලටයි ආවේ ප්‍රියාදරී කොහෙද මගේ ඇයි ඔබ නාවේ
නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ

මළහිරු බැස යනවා ගනදුර රජ යනවා
නෙත කඳුලැලි බොනවා මා මෙහි වැලපෙනවා සොයාලා

සුරංගනා ලොවක් පෙනේ ඔබේ සුනිල් දෑසේ
ලැගුම් ලබා සුවෙන් ඉමී මම අද රහසේ

නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ

පැතුම් ලොවේ ගිමන් සැදූ ප්‍රියාවියේ මගේ
ඉතින් යලී සිනාසෙමු උදේ මලක් වගේ

ලුහුබැඳ ආමි සොයා සංසාරේ
ලුහුබැඳ ආමි සොයා සංසාරේ
පියමැන හැම වාරේ ඔබ යන අඩි පාරේ
රුවන්ගිරේ සුපුන් සඳේ පෙනේ පෙනේ ජාලා
පාර කියයි නුවන් ගැබේ රන් තරු පායා

නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ
ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *