in Ravi Royster

නැලවිල්ලේ මතකේ | Nalaville Mathake by Ravi Royster [2021]

මහ පාරේ ගමනේ ආ දා
දුවිල්ලේ කඳුලේ සේයා
නැලවිල්ලේ මතකේ
සැමරැම් පා කරලා

පණ වාගේ අම්මේ නාඩා
සැනසිල්ලේ සුසුමේ තවරා
හිනහෙන්නේ දිවියේ
සරදම් මා සනසා

ළඟ වාගේ දැනුණා මාගේ
නුඹ නෑනේ උන්නේ අම්මේ
මැකුණා ඒ අදුරේ ආයේ
හිත පෑරේ තිස්සෙ ම අම්මේ

ළඟ වාගේ දැනුණා මාගේ
නුඹ නෑනේ උන්නේ අම්මේ
මැකුණා ඒ අදුරේ ආයේ
හිත පෑරේ තිස්සෙ ම අම්මේ

නෑ චෝදනා
උකුලේ මා හෙවා
පෑ ස්නේහයේ
නුඹ අම්මා ම නිසා

නෑ චෝදනා
උකුලේ මා හෙවා
පෑ ස්නේහයේ
නුඹ අම්මා ම නිසා

දරු ප්‍රේමේ ගැඹුරේ ඡායා
නුඹ මත්තේ අහසේ පායා
මතු වාරේ සසරේ
නැවතුම් යා වේවා

ළඟ වාගේ දැනුණා මාගේ
නුඹ නෑනේ උන්නේ අම්මේ
මැකුණා ඒ අදුරේ ආයේ
හිත පෑරේ තිස්සෙ ම අම්මේ

ළඟ වාගේ දැනුණා මාගේ
නුඹ නෑනේ උන්නේ අම්මේ
මැකුණා ඒ අදුරේ ආයේ
හිත පෑරේ තිස්සෙ ම අම්මේ

banner

Leave a Reply