නිහඬයි තාමත් | Nihandai Thamath by Zeon, Chubby ft. Shamitha [2022]

Sinhala song lyrics with music notes illustration

නුඹ නැති පාලුව හැමදාමත්
පැය ගත වෙයි දින සති ගානක්
නැහැ වැටහුනේ ආදරෙ තරමත්
තනි වුනු මම නිහඩයි තාමත්

අහිමි නෑ හිමි මට හැමදාමත්
මං තනි නොනිද පතමි නුඹ ආයෙ නාවත්
ඒ දින එලෙස හමු නොවුනා නම්
නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිලා මං
එක බැල්මයි සිත තාමත් නුඹ ඉල්ලයි
මට කියා ගන්න බැරි උනෙ වෙන කෙනෙකුගෙ හින්දයි
නම දැන ගන්න දෙවෙනි ශික්ෂා පදෙත් මං බින්දයි
මතක වචනින් නොකිව්වත් යටි හිතෙම රිද්දයි

නෑ මේ හිත නම් මෙලෙස නොවී මෙල්ල
බෑ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ල
දැවටි නැවති මහ රෑ කෙහෙ රැල්ල
දෙන්න එක වරක් සිප ගන්න මට නුඹේ බෙල්ල
ඔව් වැරදි ඇති මමත් ඉතිම්
පැතුවෙ නෑ වරදක් මම නම් මගෙ සිතින්
සිත මැරුණත් සතුටින් මං ඉන්නෙ පෙන්නම් පිටින්
ඒ සිතුවිලි මැව්වෙත් මේ රචකයම විසින්

නුඹ නැති පාලුව හැමදාමත්
පැය ගත වෙයි දින සති ගානක්
නැහැ වැටහුනේ ආදරෙ තරමත්
තනි වුනු මම නිහඩයි තාමත්

මතු භවේ නම් ලොවෙත් වෙන්නෑ මං නිහඩ
කරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියත
නෑ වෙනසක් එපා කාගෙවත් නියම
ඒ නරා වලෙන් ගොය යමු ඔයා මට කියන
මේක ගිවිසුමක් අපි දෙන්නා අතරේ
ඉදලා මට ඇති වෙලා මේ පාලු කතරේ
නෑ වෙන්නෙ අමතක ඔයා එව්ව රචනේ
කවදා හරි එන්න මගෙ වෙන්න බලං සසරේ

මේ ගමනෙ හුග දුරක් ඇවිත් නුඹ නාවත්
එලි වෙනකල්ම තනි රැකලා නෑ මම කාවත්
තුරුළට ගෙන මට මදහස පෑවත්
යන්න ඉතිම් අවසරයි එළි වෙලා මුලු අහසත්
වෙන්න එපා මේ භවේ නම් කොහොමත් නුඹ මගේ
ගොඩක් ස්තූතියි වැරදි මකලා දැන් මං හරි අගේ
හිනා වෙද්දි නුඹ කොහොමත් මට මලක් වගේ
පර උනත් නෑනෙ දුකක් ඉන්න එන්නම් මතු භවේ

නුඹ නැති පාලුව හැමදාමත්
පැය ගත වෙයි දින සති ගානක්
නැහැ වැටහුනේ ආදරෙ තරමත්
තනි වුනු මම නිහඩයි තාමත්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply