නෝනේ මගේ සුදු නෝනේ | None Mage Sudu None by Sunil Perera

Sinhala song lyrics with music notes illustration

නෝනේ මගේ සුදු නෝනේ අලි වැඩේ මෙමට වුණේ
බස් එක මගදී කැඩුණා ඒකයි මම පමා වුණේ
අන්න ඔබේ පරණ පොත මම එය කියවා ඇත

තමාගේ බිරිඳට ඔය බොරු කියනා එකයි කැත
ඔයා පිළිගන්නේ නැද්ද මගේ නැහැ කිසි වැරැද්ද
පුතාට ටොපි ගෙනාවා දැන්ම පොඩි පුතා නිදිද
නැති බොරු සෙනෙහේ පපා අප රවටන්න එපා
කාටගොන්නක් බීගෙන මින් පසු මෙහි එන්න එපා

ඇත්තම ඔයාට කියන්නම් ඔයා එය පිළිගන්වන්නම්
මිතුරෙක් අඬගැහුවා පොඩි අඩියක් ගැහුවා
ඕකත් ලොකු වරදක්ද
මිතුරෙක් අඬගැහුවා ග්‍රැම් දෙක තුනක් දැම්මා
ඕකත් ලොකු වරදක්ද

මොකටද ඉතින් මගේ කට ලැජ්ජා නැද්ද තමුසෙට
බස් එක නතර වුණේ මිතුරා අඬගැසුවේ
තැබෑරුමක්ම ළඟඳිද

තරමක් ලේසිය දුන්නා නෝනා මගේ කරටම එන්නා
ඔව් මම අඩි ගැහුවා පරක්කු වී ආවා
නෝනා දැන් කියන්නේ මොකද

අනේ ඔයාගේ ලේසිය ඔයාලටමයි වාසිය
ළමයි බලන්න ඕනේ රෙදි සෝදන්න ඕනේ
තනියෙම අපට කරදර

ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔහේලට උරුමයි එය දැනගත්තොත් කදිමයි
අනේ ඔහේලට උරුමයි එය දැනගත්තොත් කදිමයි
ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔයා කියන්නේ අපි දුක් විඳන්න ඕනේ
ඔහේලා විවාහ වෙන්නේ
ඔහොම කියලද අනේ ඔයා කසාද බැන්දේ
ඔහොම කියලද අනේ
ඔයා කියන්නේ අපි දුක් විඳන්න ඕනේ

අනේ කිරි පිටි හොයලා පෝලිම් වල දුක් විඳලා
ලොක්කට වැඳලා තමයි එන්නේ බේරිලා
අපේ බොසාට වැඳලා තමයි එන්නේ බේරිලා
කිරි පිටි හොයලා පෝලිම් වල දුක් විඳලා
පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද
ඒ තරුනියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
අනේ තරුනියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද

කරුමෙට ඔය කට තමුසෙට ලැබුණට
කැත කට හතරට ඉරණට හිතෙයි මට
මගේ කට හතරට ඉරණට හිතුවට මේ මට
දෙන බැට තමුසෙට වැදෙයි හෙට
දුවේ පුතේ මා කියනා දේ අහගන්න
කඳුලක් නැති තැන සිනහව ඇත්ද බලන්න

දෙන්න කන්න දෙක සමබර ඇති නම් ඔන්න
විවාහ ජීවිතය සරුයි අද දැනගන්න
දෙන්න කන්න දෙක සමබර ඇති නම් ඔන්න

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply