නුබේ ආශා | Numbe Asha by Zany Inzane ft. Sam-P [2022]

Sinhala song lyrics with music notes illustration

අරගත්තා මම මාළුවෙක් ගොඩට දියෙන්
ගැහෙන්නෙ රාගෙන් මිස නෑ මරණ බියෙන්
කෙල්ලෙ ඔයා අඟවන්න මං තේරුම් ගන්නම් ඕනෙ දේවල්
කිසිදෙයක් කරන්න ඕනෙ නෑ හදිස්සියෙන්

හේතුවක් නෑ මට රණ්ඩු වෙන්න
පුළුන් වගෙ ඔයත් බලන් ඉන්නෙ පත්තු වෙන්න
ආදරෙන් මං පරාදයි මගෙම නඩුවෙන්ම
සායම් ඕනෙ නෑ සිපගන්න රතු වෙන්න
නොදැක ඈතින්, ගෙවෙන්නෙ හෝරා ඉන්න මං ගාවින් ඔයාටත් ඕනා
ආසම පාටින් කොහෙන්ද දෝලා
හිතමු රහසින් හිතන දේවල්

ආදරෙ විභහගෙ වැඩිම ලකුණු ඔයා
එක මලෙන් සෑහෙන්නෙ වෙන මලක නොයා
ආවා ගොඩක් දුර බලන් එකිනෙකා දිහා
අපි අතරෙ වෙච්ච දේවල් අතීතෙ අරන් ගියා

නුඹ තමයි මං ලගට ආවේ එදා නිවලා මගෙ අපායෙ ලාවා
අපි ලියන මේ කෙටිකතාවේ කිසිතැනක තිබුණෙ නැහැ බාධා
අපි බැඳුනා නොසන්සිසෙඳෙන කාමෙන්
තව නැහැ නිමාවෙලා නුඹෙ ආශා
ඔයා හැමදේම අඟවන්න දෑසින්
මම තේරුම් ගන්න දන්නවා ඒ භාශා

උපමා කරන්න බැහැ නුඹව කිසිදේකට
ඔයත් පුරුදු උනා මං වගේම ඕන දේකට
විරහවක් නෑ මේ ආදර කතාවෙ එක කඳුලු බිංදුවක් නෑ හොයන්න බෙහෙතකට

අද වෙනකං නෑ වෙනසක්
ඔයා පිරෙව්වෙ මං නොදැකපු හිඩැසක්
කලාතුරෙන් සමහර දාට සමානයි ගාසා මගෙ මුහුදට ඔයා එක වෙරළක්

ආදරෙ නවකතාවක් මගෙ වීරක්‍රියා හැමදාම බිහිසුනු අත්දැකීම්
මේ ජීවිතෙ හොඳම ගුරුවරයා වැරදීම්, ජීවිතෙ හොඳම තීරණ මැව්වෙ රැවටීම්

ආදරෙ වගේම රාගෙ එකම තරාදියෙ දෙපැත්ත
ඔයාම කියන්න මං සමාන කළෙ නැද්ද
දඬුවම් දෙන්නෙ මගෙ නීතිමාලාව අනුව
වෙනස් වෙන්නෙ වීණාව නෙවෙයි වයන තනුව

Written by Zany Inzane

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply