නුඹේ මතකේ | Numbe Mathake by Kelwiz [2022]

Sinhala song lyrics with music notes illustration

මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ…
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ…
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ….
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ….

ඔබ කිව්ව කතා මට තුරුල් වෙලා කෙල්ලේ මගේ හිත පුරා අන්දා රටා
රාත්‍රී කාලේ මම දැන් හිනාවෙලා බලාපොරොත්තු මාව දැන් ජීවත් කරා
මම සින්නක්කර ගත හිත කෙල්ලේ අද වෙනකෙක් ළගට මුවා වෙලා
නුබ කරපු හැමදේ බලන් හිටියේ දැන් ඇත්ත තාමත් ඇති ගොළු වෙලා..

බලු වෙලානේ ආදරේ කියන මුවාවෙන් හොයන්නෙම දැන් කාමේ
තේරුනා වෙනස නුබගේ මට දැන් ගත වුන දින ගානෙන්
ඇයි ආවේ මගින් යන්න බලන්ද පෙරලන්නේ දුක වචනෙන්
කාගේ කාගෙත් කතාවක් ඉවර උනේ නෑ කවදාවත් සතුටෙන්

තැන තැන ඇවිදපු සනසපු සැනසුනු වාර මම අනන්තයි
සේරම Fake කිවව දේ ඇහුවේ නෑ නුබ කිව්වේ මං වැරදි නෑ සත්තයි
පතන් ආවත් ඔයා කිව්ව බොරු ඇති ආදරේ වචනේ දැන් තිත්තයි
තේරුම් ගන්න බැහැ මනුස්සයෙක් කොච්චර ආශ්‍රේ කරත් හිත් ගුප්තයි

මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ…
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ…
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ….
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ….

මතක අමතකයි මට නුබ ලග ඉද්දි කිව්වා මම නිසදැස්
දැන් ගෙවිලා ගොඩක් කල් අපිට අමතකයිලු අපේම දෑස්
ප්‍රශ්න එක පිට එක ආවා කවදාවත් ඉවර වුනෙම නෑ
තරහා ගිය විටදි ඔරවලා බලන්නේ හොරෙන් මදෙස ඈ

තිබ්බට තිත් තාමත් එකට හිත් ගතින් ඈත් වුනාට කරන්න බෑ දුරස්..
පෙරලු පිටු එක තැන හිටලා මතක වල දුවනවා මනස්
මොකද Babe නුහුරු වුනේ කවදාවත් අපිටම නොදැනුවත්
කමට පැටලුනු ප්‍රශ්න වලට තාමත් මං ඉවරයක් දැක්කේ නෑ

වෙන්නේ නෑ මෙහෙම දේවල් Babe වෙන්න දෙන්න බෑ
අපි ගෙවපු මතක අතීතේ අපිට ආයේ ගන්න බෑ
ගන්න බෑ තිතකින් නැවතුනු පිටු ආයේ පෙරලන්න බෑ
පෙරලන්නෑ තනි හිතකින් මං ජීවතේ දුක් විදින්නේ නෑ

වැනසි මනසින් නිතරම සිතයි නුබ ගැන
විසදුමක් තිබ්බේ නෑ කවදාවත් වලට පැන
හිතුවෙම නුබ ගැන හිතුවේ නැ මං ගැන
එක පිට එක වැරදි විතරයි දැක්කේ මම

හිත් වෙලා දෙකට මත් වෙලා මං මතට
හතර අතම කලු දුමාරයක් වට කර
නෑ සැනසීමක් හිත් වෙලා මලානික
කලුවරයි අහස තිබිබේ නෑ මට පහස

දැක්කා දුක වින්දා මං තනි හිතකින් දින්නා මං
එක පාරක් වැටුනු වලේ දෙපාරක් වැටෙන්නැ මං
තනියම දුක පෙරලුවේ හිතේ හයියට මං
දැන් මට මම ඇති එපා වෙන කාගෙවත් හිත් මටනම්
උනාට Fail මං ඉගෙනගත්තා හැමදේකින්ම පාඩම්
හරියන්න කාටත් වරදින්න කාටත්
හැමදේම ඉවසන් මං ඉන්නේ වාවන්

මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ…
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ…
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ….
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply