ඔබ තරමට මා නැලවු | Oba Tharamata Maa Nalawuu by Milton Perera

Sinhala song lyrics with music notes illustration

ඔබ තරමට මා නැලවු
ඔබ තරමට මා හැඬවු
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙලට පන දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැලවු

කළුවර කුටියක තිනිවී
කල්පනා ලොවක මැදිවී
කිම දෙනෙත් පියා ඉන්නේ
ඔබ වරකි හද පෙලන්නේ
මා දහස් වර තැවෙන්නේ
සියො ළගම සලිත වන්නේ

ඔබ තරමට මා නැලවු
ඔබ තරමට මා හැඬවු
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙලට පන දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැලවු

අතවනන යට ගියාවේ
සුව සමය තවම සිහිවේ
අමතක කරන්නට හැකි දෝ
අප ආ මඟ ඇති මනරම්
සිහිවටන මැකිය හැකි නම්
එය මට කියන්න බැරිදෝ

ඔබ තරමට මා නැලවු
ඔබ තරමට මා හැඬවු
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙලට පන දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැලවු

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply