පන්සල කලා දෙවනත් | Pansala Kala Dewanath by Master D [2021]

Sinhala song lyrics with music notes illustration

තඩි අන්දමකාරේ එන පලඟැටි පිරිසට
යන්තමින් හරි දැනුනු
මම දන්නෙම නැති වගේ ඉන්නවා
තව ටිකක් වෙන්නට ඉඳිමිලා උන්

හැම පන්සලක් ළඟ මගේ හිත
දන නැමුවට සුන්වෙලා සැනසු කුසුම්
නුඹේ රන් කිරි ගාපු අතින් යන්තමින්
තැලුවට වම් අත වෙලා අද උල්

එක පාන්තිරයක් නිමුනොත්
හිත තුල එය කුහුලක්
මුලු පන්සල කලා දෙවනත්
සිලි සිලි ගෑ බෝ මුල් සෙවනේ
ඉඳන් පන්සල කලා දෙවනත්

කසාවත කන්ඩ දෙයි අසරණ බණකින්
මුලාවකින් සැරසුනු රට පිලිවෙලකින්
හිතේ තිබූ අදහසක් බොඳකලා රැයකින්
මගේ හිත බොරු කලා පැයකින්

තව ටික දෙනෙක් බොරු කිව්වා බයකින්
අත පසුවුනා හුඟ දෙනෙක් තරහින්
සිතුවිලි බෝමා ගලා ගියේ දෝරා
මගේ හිත හදාගන්න ඕනා

අර සන්තකව තියනු ලා තුර
යාන් වෙනකන් කාසියක් හැරගියා මන්
තව සන්තකව තියන්න සාත්තරේ
තව එකෙක්ට ලාබෙට හරි දුන්නා මා
ඉතින් නුඹේ හිත මාව පසෙක තිබූ

මතින් මාව හොයාගන්න දුරක ගියූ
හිත අරමුනින් තනියම දුවන්නේ කොහෙද
තෙත බිය පාවෙන තෙරක තෙමාගෙන
උගේ මල් උයන සුරා සුර වඩිනා
තව කාරනා කිමට සොයා යන්න උදයම

සත්‍ය ජනජය පතනා
එක එක පාර මතක් වෙන දේවල්
හැම ගැතියෙක්ම කලා මට කේවල්
මම කියාගෙන යන්න ඕනි දේවල්
මම කියාගෙන යන්න ඕන දේවල්

විසිතුරු ලෝකයක් අබියස මානය
මියදෙන කර දඬු දැවී අලුවීලා
තෙරක් නෑ ගැලූ සුසුම් වැල් ආ දුර
දුවන් යන්න පාරම දන්න කෙනෙක් ඕන
කලින් කපා දැමූ අතු බර වීලා

උන්ට හිතාගන්න බෑ දැන් කියන්නේ ගී ද
කාටත් පෙනෙන්නට නෙවේ මං
දාහය මකා ගන්න ඉන්නේ
මේ දැන් හුළඟට වීලා

තඩි අන්දමකාරේ එන පලඟැටි පිරිසට
යන්තමින් හරි දැනුනු
මම දන්නෙම නැති වගේ ඉන්නවා
තව ටිකක් වෙන්නට ඉඳිමිලා උන්
හැම පන්සලක් ළඟ මගේ හිත

දන නැමුවට සුන්වෙලා සැනසු කුසුම්
නුඹේ රන් කිරි ගාපු අතින් යන්තමින්
තැලුවට වම් අත වෙලා අද උල්

එක පාන්තිරයක් නිමුනොත්
හිත තුල එය කුහුලක්
මුලු පන්සල කලා දෙවනත්
සිලි සිලි ගෑ බෝ මුල් සෙවනේ
ඉඳන් පන්සල කලා දෙවනත්

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply