සෛනොෆාර්ම් | Sainopharm by Breezy ft. Keefa & Chubby [2022]

Sinhala song lyrics with music notes illustration

කො එන්න දැං පියඹා කන්න මයිනො පාන්
ආවේ රැපෙන් බිදින්න අරන් මං සයිනොෆාම්
රගයි ඉඩෝරෙ ගලන්න සැරෙන් වහිනකම්
බොලාගෙ දින වලන්ගුයි මං බහිනකම්

කීෆා තමයි දෙන්නෙ කලාවට රස මනබැන්දු
මුත්තයියා මං රැපෙන් කරකලා දෙන්නං දගපන්දු
රැප දාන්නේ වෙස්සන්තර මම වෙන්නං සැප දන්දු
මං මල දාට සෙල්ලම කනවැන්දු

වදන් හිග නිසා මෙ රූකඩ ටික වේලි
දෙන්නං රැප පැයෙන් පැය පුවත් වගේ ඩේලි
සෙල්ලම අම්මගෙ පොඩි ලේලි
ඩො මට ලෙඩක් වමනෙටත් එන්නේ තද පේලි

මේ සීනි ඩිමාන්ඩ් වෙන කලක් කා
එන්ඩ දුක නිවා ගමු මලක් ගා
මුං මී වදයකට ගලක් ගා
දුවයි ගන්න බෑ කියයි වලක්වා

මැරුණත් දුකක් නෑ මට මතක් වෙද්දි තනියට ඉන්න බව ඉදතු කනත්තේ
මලානිකද පුතා ආ බොන්න මෙ ඔසු වදන් සැනින් ගතේ අමුතු පනක් දේ
ඇයි මේ මොකෝ මේ කලබලෙන් වගේ මං හිතන්නේ උබට කලන්තේ
මට වැහිලා ඩො ඉන්නේ තනි කොටි අවතාරේ බොලා මග මම ඉන්නේ අනන්තේ

මිට මොලවද්දි වම දකුණ කිව්වා පන අපි මුන්ට දුවනකං ගාමු
චබි මවද්දි නාද රටා කලහකාරි ගති සෙල්ලමෙ රිදෙන්න දග දාමු
අසීමිත සැපක් දෙන හින්දා මෙ කලාවෙ නාමෙන් මගෙ රූපේ බිත්ති වලත් රාමු
මෙ සෙල්ලම බංගලාවක් කෙරුවොත් ලැම්බට දෙන ඉහල පදවිය ඩො හාමු

ගහේ කටු උල් කරන්නේ මොකටද උපතින්ම විසේ මෙ කට නම් ආවේ ආරෙන්
දොර විතරයි බන් මං අරිනකන් බලන් හිටියේ පෙණ ආවේ ඇද්දම තමයි ඩෝටි යාරෙන්
අඩුපාඩු නැත්තේ අදටත් පිං සිද්ද වෙන්නයි අම්මට මෙ ගැම්මට කියන්නේ කොහොමත් වැඩි නහරේ
දැං සෙල්ලම බංගලාවක් නම් මං අනන්ත නිදාගන්න ඇති බං ඒ බංගලාවේ සාලේ

නෑ මං තට්ටු ගෙවල් දැක්කේ නෑ මං දැක්කේ හිර ගෙවල් ඒකයි මට උණ සහලෝලා
ඔව් ඩෝ කොළඹ පම්පෝරි දැම්මොත් අත අරින්නේ කරකෝලා
ඉස්මුරුත්තාව වගේ නම් රිදෙන්න කොකාකෝලා
පංකාදු පහයි කන්න කලින් වෙන්න ගනින් දෝලා
මං මැරඩෝනා වගේ බං රවට්ටං ආතල් එකේ මේකෙ මේකෙන් මඩවන්නේ අඩෝලා අදෝනා

කට මවගෙ කටින් ඉබේ පිටවුනාලු වදන් දීලා නොසන්ඩාලයෙකි පදේ කාසල්
මේ සුරාසැල් වසා ඇති කාලේ වදනින් මත් කලා මෙ කට වරං එද්දි මෙ වචන මෝෂන්
තනි කොටි අවතාරේ පස්සට තිබ්බොත් නම් අඩුයි දෙකක් ගොදුර මර්ඩර්
දැං හොල්මන් මෙ ජවනිකාවේ ඩොක්ටර් නිදි බෙහෙත් උගෙ නින්ද කඩන් රගන ලැම්බා ඩෝ පේෂල්

හොද සීයක් මැද්දේ පෙනෙයි කැපිලා තනි වැරැද්ද
මෙ සෙල්ලම මනමාලි ගුරුතුමා දෑවැද්ද
කෝ නැද්ද මේ ඇද්ද අනෙ ආච්චිගෙ රෙද්ද
අඹ දඹ නෙමෙයි ගෙවල් කිරුලපන මැද්ද

මං කිඹුලා උබ හිකනලා
ගිහින් පැටලි මැරෙන්න එපා විදවලා
හේ..අමුයි නං මං ගන්නං ඉදවලා
ලැම්බා රැප අස්සවන්නේ බොලා ඉන්දවලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply