තණමල්විල කොල්ලෙක් | Thanamalvila Kollek by Kamaj [2021]

Sinhala song lyrics with music notes illustration

මලේ හේන් කොටනා මලේ
අපේ ගමේ සුවඳ තාමත් දැනේ
මලේ හේ තණමල්විල මලේ
උඹේ ඇගේ ගමේ සුවඳත් දැනේ

අතමිට සරු නෑනේ තාම
හිත කීරි ගැහේ ඔබ ගාව
පහල වෙලේ ගොන් හරක් රෑනේ
ගඳ දැනේ උඹේ අයියා ගාව
බේරගන්න මගේ ලංකාව
භාර උන තැන හමුදාව
මගේ පිට කොන්ද පණ නැති දාට
බලාගනීදෝ නුඹ මාව

මලේ හේන් කොටනා මලේ
අපේ ගමේ සුවඳ තාමත් දැනේ
මලේ හේ තණමල්විල මලේ
උඹේ ඇගේ ගමේ සුවඳත් දැනේ

හිත ගිය තැන මාලිගාව
මගේ හිත බොබ් මාලේ ගාව
හීන ගොඩක් තද කරන් තාම
ගෙන යන මගේ ජීවිකාව
අපිට එකම පිහිට වැස්ස තාම
බෝලේ විකුණලා ඵලදාව
මෙහෙම ගත කරමු ජීවිකාව
මගේ හිත පැටව් දෙන්නා ගාව
පොඩි පැටව් දෙන්නා ගාව

මලේ හේන් කොටනා මලේ
මගේ ගමේ සුවඳ තාමත් දැනේ
නගේ හේ තණමල්විල ගමේ
නුඹේ ඇගේ ගමේ සුවඳත් දැනේ

මලේ මලේ මලේ හේන් කොටනා මලේ
මගේ ගමේ සුවඳ තාමත් දැනේ
මලේ හේ තණමල්විල ගමේ
උඹේ ඇගේ හේනේ සුවඳත් දැනේ

මලේ හේ තණමල්විල ගමේ
උඹේ ඇගේ ගමේ සුවඳත් දැනේ
නගේ හේ තණමල්විල ගමේ
නුඹේ ඇගේ මගේ සුවඳත් දැනේ

written by Kamaj

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply