සල් මල් වැල් | Sal Mal Wal by Gypsies with Sunil Perera

Sinhala song lyrics with music notes illustration

සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්

ඔබගේ දෑසේ දිලි දිලි රේඛා
මට කොඳුරයි ආදරෙන් එන්නකෝ කියා
තරුවෙන් තරුවේ පියමන් කරලා
සඳලුතලේ රන් සඳේ ඉමු තුරුළු වෙලා….

සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්

ජිවිතයම දැන් හරිම ලස්සනයි
මගේ තැවුල් ඈත දැන් පාවෙලා ගිහින්
ඔබ මගේ සෙවනින් නොයන්න කිසිදා
ඉගිලෙමු පෙම් හී නදින් කුරුල්ලන් වෙලා….

සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්

සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply