in Anjalee Methsara, Shehan Galahitiyawa

සැලෙනා නුවන් | Salena Nuwan by Anjalee Methsara [2022]

සැලෙනා නුවන් මවනා හැඟුම්
නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්
සැලෙනා නුවන් මවනා හැඟුම්
නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්
සඟවන්න පුළුවන්ද දැනෙන ආදරේ
මුමුනන්න එනවෙද දිනක ආදරේ

ආදරය අරුතක් ඇතී
රහසේ සඟවාන ඉන්නම් රිදී
දැනුනාද මේ මාගේ
ආදර හැඟුම් දෑසේ
ළඟ ඉන්න මාගේ වෙවී

සිහිනයට ඇවිදින් එබී
සිහිනේ නවතින්න හුස්මක් වෙලී
සඟවන්න බෑ රහසේ
සිතුවම් මැවෙයි අහසේ
ලංවෙන්න දෑතේ වෙලී

සැලෙනා නුවන් මවනා හැඟුම්
නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්
සැලෙනා නුවන් මවනා හැඟුම්
නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්
සඟවන්න පුළුවන්ද දැනෙන ආදරේ
මුමුනන්න එනවෙද දිනක ආදරේ

written by Shehan Galahitiyawa

banner

Leave a Reply