සඳ එබෙන් එපා | Sanda Ebennepa by Athula Adhikari

සඳ එබෙන් එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින්
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා

ඔබ ලඟ නිසා පින් සිත පුරා
මල් මාලතී පිපුණා
සමසුන් අරා සිත් විල වසා
කුමුදුත් කොඳක් පිපුණා

සඳ එබෙන් එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින්
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා

ඔබ දුර නිසා ගගනත පුරා
අසෙනි වැසි වැටුණා
සිත දුක් දරා සුසුමින් වසා
කදුළුත් හඳක් හැඬුවා

සඳ එබෙන් එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින්
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *