සංසාරයේ මා | Sansaraye Maa by Ridma Weerawardane ft. Charitha

සන්සාරයේ මා
හමුවී තියේ… දෝ
දෑසේ හිනාවේ
මා මත් වුනා දෝ

මේ හුදකලාවේ
සී…තල සැදෑවේ
ඔබ හමුවුනේ මා
ගංතීරයේ නේ

මේ මල් තුරුල්ලේ
ඔබ මල් කිරිල්ලියේ
මගේ…සිනා..වේ
අද රෑ වුනාවේ
හෙට එළිවුනාවේ
මිහිරේ…යලි හමුවේ දෝ

මල් පවා
ගැස්සිලා
ලං වී බලාවී

අප සොයා
අද රැයේ
තරු රංචු ගැසේවී

සුරංගනාවියක්ම දෝ
මලින් උපන් ලියක්ම දෝ
තනිවී කිම දෝ
අසමි සමාවී

සුරංගනාවියක් නොවේ
මලි උපන් ලියක් නොවේ
සොදුරු හැගුම් ඇයි
සගවන්නේ මා

මේ සංසාරේ
රන් රස සේමා
පෑහී…සැමදා
ආදරේ…පෑවා

ඇලේ දොලේ
විලේ ජලේ
ඉරේ හදේ
ගහේ වැලේ
ගැයුනේ අපගේ
ප්‍රේම උදානේ

ඔබේ නුවන්
දිහා බලා
කියන්න බෑ
අහන්නේපා
ආලහැගුම් ඇයි
සගවන්නේ මා

මේ මල් යායේ
මල් පෙති… ගානේ
ලියවේ…
අපගේ…
ආදරයේ…ගීතේ

සංසාරයේ මා
හමුවී තියේ.. දෝ
දෑසේ.. හිනාවේ
මා මත් වුනාදෝ

මේ හුදකලාවේ
සීතල සැදෑවේ
ඔබ හමුවුනේ මා
ගංතීරයේ මේ

මේ මල් තුරුල්ලේ
ඔබෙ මල් කිරිල්ලියේ
මා…සිනා..වේ

අද රෑ වුනාවේ
හෙට එළිවුනාවේ
මිහිරේ
යලි හමුවේ දෝ

මල් පවා
ගැස්සිලා
ලං වී බලාවී

අප සොයා
අද රැයේ
තරු රංචු ගැසේවී

written by Chandrasena Thalangama

Leave a Reply