සීතා | Seetha by Adithya Weliwatta [2020]

Sinhala song lyrics with music notes illustration

හදේ කුකුසක් සඟවා
නුඹ මගෙයි කියා සීතා
හිත දෙකොන තබා
මුළු ලොව වනසා
ගෙනියන්න එන්න එපා කිසිදා…

කඳුළු බර මන්දාරමේ
අඳුර හුරු වූ මංතලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ…

ලොවක් කැළඹු මහ තේජස
පෙමක් ළඟදි සුනු විසුණු ව
යටි හිත් ආශා ඇතිමුත්
ඉවසන සීමා…
උගනිමු රාවණාගෙන්…

කඳුළු බර මන්දාරමේ
අඳුර හුරු වූ මංතලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ…

ඇඟිලි තුඩක දැවටිල්ලක්
නොමැති පෙමක රස ගුණක මං
පතිවත පිරා කුමටද
ගිනියම් පූජා…

කඳුළු බර මන්දාරමේ
මට දැනෙන ප්‍රේමාදරේ
අඳුර හුරු වූ මංතලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply