in Dinesh Gamage, Manuranga Wijesekara

සෙන්කඩගල නුවරට | Senkadagala Nuwarata by Dinesh Gamage

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම
ඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට

ඔබගේ තුරුලේ
ගිලිහී පරවූ
මලකී සුළගේ පාවූ
අහසත් කලු වෙයි
අකුණුත් බොද වී
කදුලේ පැටලී
තනිවී

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

අත්වැල් පටලාගෙන
ඔය රුවලංකාර
තවමත් උන්නු ලෙසට ඉන්නවානේ තවම
වැව් දිය නිසල වෙලා
මගේ හදවත වගේම
දළදා සමිදු පිහිට විතරයි අද හිතට
අහසත් කලු වෙයි
අකුණුත් බොද වී
කදුලේ පැටලී
තනිවී

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

රොබරෝසියා වැටුනු
අසුනක් ලග හවස
පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉදහිට පහු වෙනකොට තවමත් වැව රවුම
ඇස්දෙක වසන්න උනේ එය පමණයි සසල

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

Written by Manuranga wijesekara

banner

Leave a Reply