ශෘංගාරිනී | Shrungarini by Mihindu Ariyaratne

Sinhala song lyrics with music notes illustration

ශෘංගාරිනී නිදනා ලතාවෙන් නිශායාමයේ
ශෘංගාරයේ හැඟුමන් වෙලයි රෑ පුරා ආත්මයේ
උණුසුම් හාදුවක් මවලා
සියුමැල් දෙතොලතර තවරා
සිව් ඇස් එකිනෙකට ගැටිලා
කතා කලා
සුසුමන් රහසින් උන්මාදයෙන් ගී ගයාවී
මදු මී රසයෙන් මත් වී රඟයි අප්සරාවී

දිගැති නිල් නෙතු යුගලේ
මායමින් මත්වෙලා
සියුම් දෙකොපුල් මවන සිතුවම්
රාග හෝරාවේ
උණුසුම් හාදුවක් මවලා
සියුමැල් දෙතොලතර තවරා
සිව් ඇස් එකිනෙකට ගැටිලා
කතා කලා
සුසුමන් රහසින් උන්මාදයෙන් ගී ගයාවී
මදු මී රසයෙන් මත් වී රඟයි අප්සරාවී

ලවන් සන්තර්පනයේ
මෘදු පහස සුව දෙනා
නිසල තිසරුන් රසය බෙදමින්
පහස වින්දාවේ
උණුසුම් හාදුවක් මවලා
සියුමැල් දෙතොලතර තවරා
සිව් ඇස් එකිනෙකට ගැටිලා
කතා කලා
සුසුමන් රහසින් උන්මාදයෙන් ගී ගයාවී
මදු මී රසයෙන් මත් වී රඟයි අප්සරාවී

written by Kelum Dissanayake

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply