සොභා අලංකාරේ මුහුණේ | Sobha Alankare Muhune by Milton Perera

සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි

සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි

සුසීත ගංගා තලේ
නීල දිය රැල්ල වෙරළේ එළේ
ඔරු පාරු තිබුණාට ඉන් නෑ පලේ
පැද යන්න හබලක්ද ඕනෑ ජලේ

සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි

පැසීල ඇති පාඩුවේ
මිහිරි රසදායී ඵල ජාති වේ
දුරදීම දැකලා දැනේදෝ කෙසේ
ගෙඩි කන්න නැති දිවට නොදැනේ රසේ

සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *