සුපුන් සඳක් නැගීලා | Supun Sandak Nageela by Milton Perera

Sinhala song lyrics with music notes illustration

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී කඳක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

නලවන තුරුල්ලටයි
රළ පෙළ ඇදෙන්නේ
සුව දෙන කැදැල්ලටයි
අත් තටු සලන්නේ

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී කඳක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

ආදර දියඹ යටයි
මිණි මුතු දිලෙන්නේ
දිවි රස තාලයටයි
පෙම් රළ රඟන්නේ

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී කඳක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply