සොදුරු සිත්තම් | Sonduru Siththam by Ridma ft. Charitha

Sinhala song lyrics with music notes illustration

මුවගේ හස කැන් දිලුනේ
නෙතගේ කදුලැල් නිවුනේ
හදෙහී පැතුමන් පිපුනේ
සැනසූ වදනින් දෙඩුවේ

දසුනින් නොමැකී රැදුනේ
රිදෙනා සිතමයි හැදුනේ
නොබිදී සසරේ බැදුනේ
ඇසුරේ ඔබමයි පැතුවේ
එකසේ දෙහදක් පිදුනේ

ආදරෙන් මා වෙලා
සොදුරු සිත්තම්… යොදා
සිහිනයක මා… තබා
ඇරයුම්…කලා

විකසිතව ලං…වෙලා
සුවදකට මුසූ වෙලා
රහස කොදුරා ගියා
ඔච්චම්…කලා

නොගැයූ කවියක් වාගේ
නොලියූ පදවැල් මාගේ
මේ දිවි ගමනේ
ඔබගෙනි ඇසුනේ
මතකේ රදවා
සොදුරුම යාමේ

හමනා පවනක් වාගේ
සිසිලයි ඔබ ගෙන… ආවේ
කතරට වැටෙනා
පොද වැහි වාගේ
දෙහදක් පතලා
සිත් මල් යාමේ
පියමැන අපි යමු
පැහැසර යායේ

ආදරෙන් මා වෙලා
සොදුරු සිත්තම්… යොදා
සිහිනයක මා… තබා
ඇරයුම්…කලා

විකසිතව ලං…වෙලා
සුවදකට මුසූ වෙලා
රහස කොදුරා ගියා
ඔච්චම්…කලා

written by Chaminda Gamage

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply