නාඩගම් ගීය | Naadagam Geeya by Ridma Weerawardane

Sinhala song lyrics with music notes illustration

හෙට නාඩගමේ මං
රජාට අදිනවා…
අජාසත්ත නාමෙන්…
මුළු ගමේම අගනුන්
මට වහ වැටෙනවා…
බලාපල්ලා බොරුනං…

හෙට නාඩගමේ මං
රජාට අදිනවා…
අජාසත්ත නාමෙන්…
මුළු ගමේම අගනුන්
මට හිත වැටෙනවා…
බලාපල්ලා බොරුනං…

දමා කඩුක්කන්
ඔටුනු නලල් පටි
කඩුව කරකවා
සබයට එන හැටි
දමා කඩුක්කන්
ඔටුනු නලල් පටි
කඩුව කරකවා
සබයට එන හැටි

බලා හිදින අගනුන්…
සත්තයි
ආලෙ බදී රහසින්
ආ….
බලා හිදින අගනුන්…
ආලෙ බදී රහසින්

පවර අජාසත්
නිරිදුන් මම වෙමි
පියා නසා රජකම අරගන්නෙම්
පවර අජාසත්
නිරිදුන් මම… වෙමි
පියා නසා… රජකම අරගන්නෙම්

කිය එද්දී අද මං සත්තයි
ආලෙ බදී අගනුන්
ආ….
කිය එද්දී අද මං…
ආලෙ බදී අගනුන්

හෙට නාඩගමේ මං
රජාට අදිනවා…
අජාසත්ත නාමෙන්…
මුළු ගමේම අගනුන්
මට වහ වැටෙනවා…
බලාපල්ලා බොරුනං…

හෙට නාඩගමේ මං
රජාට අදිනවා…
අජාසත්ත නාමෙන්…
මුළු ගමේම අගනුන්
මට හිත වැටෙනවා…
බලාපල්ලා බොරුනං…

written by Chandrasena Thalangama

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply