ශ්‍රී ලංකා | Sri Lanka by Gypsies with Sunil Perera

Sinhala song lyrics with music notes illustration

ශ්‍රී ලංකා කොල්ලෝ වසයි
යකඩ බෝල දෙකට පලයි
එක පාරක් අපි දුන්නා බැටේ
මේ පාරත් අපි දෙනවා බැටේ…

ජයවර්ධන ජය මග පෙන්නයි
සංගේ අපේ ලෝකෙම හොල්ලයි
ජයසූරිය ජය කොඩි නංවයි
අතපත්තූ වැඩේ පත්තු කරයි…

මුත්තයියට මුළු ලොවම බයයි
චමින්ද වාස් විකට් පොලු ගලවයි
දිල්හාරයි, ලසිත් මාලිංගයි
එවන පන්දු වෙඩි සැර පරදයි…

ශ්‍රී ලංකා කොල්ලෝ…..
ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා…

උපුල් සමඟ චාමර සිල්වයි
තිලකරත්න, මහරූෆ් නියමයි
අර්නෝල් ඩයි, බංඩයි සෙට් වෙයි
ෂුවර් තමයි කප් එක උස්සයි…

වාද බේද හැම අත් හරිමු
එක කොඩියක් යට එකතු වෙමු
එකම සිතින් ජය හඬ නගමූ
ලංකාවට අපි ජය පතමු…

ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා කොල්ලෝ…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply