in Anjitha Kuruppu, Yuki

සුදු කොළයක | Sudu Kolayaka by Anjitha Kuruppu ft. Yuki [2021]

සුදු කොළයක මම ලියමී ප්‍රේමෙන්…
කියවන්න එනවාද රහසින්…
අල්පයක් නොවටින හිතට…
පවසන්න ප්‍රේමයේ වත්කම්……

කළුපාට දුම් පිරුණු අහසින්…
හිත කියන කවි ලියමී ඒ පාටින්…
කවි දකින්නට එනවාද වැව ලගට…
නිවෙන දැවෙනා සිහින අතරින්…..

නුඹ හමුවුණු සෙංකඩගල අහසින්…
ගීයක් කරමු ඒ කවිපෙල ප්‍රේමෙන්…
හඟවන්න නුඹ නැති කල්පයම…
අහස කරනා පෙමක ගෙත්තම්….

නුඹ ගාව නැවතිච්ච හිතකින්…
මම ලියමී නුඹ අත්හල අතකින්…
පෙම් ගමනක ශේෂය අවසානේ…..

සුදු කොළයක මම ලියමී ප්‍රේමෙන්…
කියවන්න එනවාද රහසින්…
අල්පයක් නොවටින හිතට…
පවසන්න ප්‍රේමයේ වත්කම්……

සුදු කොළයක මම ලියමී ප්‍රේමෙන්…
කියවන්න එනවාද රහසින්…
අල්පයක් නොවටින හිතට…
පවසන්න ප්‍රේමයේ වත්කම්……

banner

Leave a Reply