සුසානෝ | Susano by Gypsies with Sunil Perera

Sinhala song lyrics with music notes illustration

වටකර බඹර රෑන මල වටකර බඹර රෑන
හරි මනමාල රඟේයා දහවල් ආල හීන
රෑ දහවල් පේන හීන හිතකට නින්ද නොදේයා
රෑ දහවල් පේන හීන හිතකට නින්ද නොදේයා

සුසානෝ අනේ මගේ සුසානෝ
අපි එකට හිඳිමු එකම සුසානේ
ඔයානේ අනේ මට ඔයානේ මිහිපිට දිව්‍ය විමානේ

ආදර රස්නේ වැදී හිත පපුවට ගින්න දිදී
අනේ මම ප්‍රේම කරන්නේ
කවදද එකට ඉඳන් එක බත්පත කන්නේ ඉතින්
හිත හිත ඇඟිලි ගනින්නේ

සුසානෝ අනේ මගේ සුසානෝ
අපි එකට හිඳිමු එකම සුසානේ
ඔයානේ අනේ මට ඔයානේ මිහිපිට දිව්‍ය විමානේ

ආදරේ මගේ කියා ලේ වලින් ලියුම් ලියා
කිය කිය පෙම් කතන්දරෙ
චෙරියෝ ටටා කියා මා එක්ක
අනේ ඔයා යනවද අහස් යන්තරේ

සුසානෝ අනේ මගේ සුසානෝ
අපි එකට හිඳිමු එකම සුසානේ
ඔයානේ අනේ මට ඔයානේ මිහිපිට දිව්‍ය විමානේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply