තරුණයි | Tharunai by DJ Mass x Romaine Willis [2023]

Sinhala song lyrics with music notes illustration

ඔබේ දෑසේ , රහස් දහසක හැංගි
නීල නෙතු අග හැන්ගෙන්නේ, පැද්දෙන්නේ, රිංගන්නේ, ගැස්සෙන්නේ මං දෝ?
මාගේ දෑතේ , දවස් දහසක රැන්දී
සුළැඟිලි අග එල්ලෙන්නේ ලංවෙන්නේ අහුවෙන්නේ බේරෙන්නේ ඔබදෝ?
චිත්‍රපටියක වාගේ, එතෙන අපගේ ආලේ
පුංචි දේටත් හැදී කැඩී හැදී කැඩී යන්නේ ඇයි

ඔය වංශ කතා දැන් පරණයි
මේ අලුත් රටාවක අරුණයි
මම කියන්නේ නම් එක කරුණයි
මට බනින්නෙපා මම තරුණයි
X2
ඔබේ අහසේ , වලාකුළු මත රැන්දූ
හදවත තුල දෙදරන්නේ රැව්දෙන්නේ කිමිදෙන්නේ නොනිමෙන්නේ මං දෝ?
මාගේ රහසේ , අගුල් දා සිර කරපු
ගී පෙල මත නදදෙන්නේ පැටලෙන්නේ පොපියන්නේ රඟදෙන්නේ ඔබදෝ?
චිත්‍රපටියක වාගේ, එතෙන අපගේ ආලේ
පුංචි දේටත් හැදී කැඩී හැදී කැඩී යන්නේ ඇයි

ඔය වංශ කතා දැන් පරණයි
මේ අලුත් රටාවක අරුණයි
මම කියන්නේ නම් එක කරුණයි
මට බනින්නෙපා මම තරුණයි

written by Dilshara Jayamanna

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply