in Aki Vish

උමතු වී | Umathu Wee by Aki Vish [2019]

සංසාර හීනේ පුරා
නුඹ ගාව සිත නැවතිලා
දඟකාර නුඹේ රූ ශ්‍රියා
පෙම් ලොවක මා සිරකලා

තරු අතරින් මා නුඹවම සොයා
පියඹා යමි ගුවන පුරා
හිරු සඳු පරදා විලි සැලරුවිනා
ලැබ ගන්නෙමි ඔබ පරදා

මා ඔබේ ලයේ ගුලිවීලා
හෙමින් හෙමින්
හැර යන්න බෑ ඉතිම්
ඉන්නේ මා දැන් උමතු වී

මා ඔබේ ලයේ ගුලිවීලා
හෙමින් හෙමින්
හැර යන්න බෑ ඉතිම්
ඉන්නේ මා දැන් උමතු වී

ඉන්නේ මා උමතු වී
ඉන්නේ මා උමතු වී

මුලු රෑ පුරා මා
නුඹ ගැන සිතාලා
පෙම් ගී පොතේ මා හා
නුඹේ රුව සිත්තම් කලා

නොවිඳුල් ආදරේ ඔබෙන් ප්‍රියේ
මා හට අත ලැබිලා
ඉගිල යමුද මේ ක්ෂිතිජයේ
ඉම නොපෙනෙනා

මා ඔබේ ලයේ ගුලිවීලා
හෙමින් හෙමින්
හැර යන්න බෑ ඉතිම්
ඉන්නේ මා දැන් උමතු වී

මා ඔබේ ලයේ ගුලිවීලා
හෙමින් හෙමින්
හැර යන්න බෑ ඉතිම්
ඉන්නේ මා දැන් උමතු වී

ඉන්නේ මා උමතු වී
ඉන්නේ මා උමතු වී

banner

Leave a Reply