Usama Thanaka / උසම තැනක – Drill Team

Sinhala song lyrics with music notes illustration

ගල් ලෙන බින්දා
ලෙන් දොර ඇරියා
අසම්මතයි මගෙ කතාව…
අඩියෙන් අඩියට
අදුරගත්තා මං
යාලුවාව හා සතාව…
කාලය හරි තිත තියන්න
මේ මං රැප් දෙන
අන්තිම වතාව…
පතාගෙන ආව වගේ මේ රටාව
හදේ කල රති කෙළි ලතාව…
බල්ලෙක් මම
පිස්සු මට
හපපු පාරවල් හොද වෙන්නෑ…
මොරටු වැල්ලේ මම තියපු අඩිය එන රළ පාරටවත් බොද වෙන්නෑ…
අවුරුදු දහයම කට්ට කාලා
දාපු සිංදු අහපන්
රැප් වද උන් නෑ
බෝතලේට ලං වුන නරි
නෑවුනා ඊරිසියාවට
අද උන් නෑ…
තනිකම හොදයි වගේ මට
එපා කිසි දෙයක්
එපා කිසි දෙයක්
අපිත් වැටුනා බං
නැගිට්ටා තනියෙම
ආපු දුරත් මට විස්මයක්
දකින දේ වෙනසක් වෙන්නේ
හැරවෙන විදියටයි
ජීවිතේ ප්‍රිස්මයක්
කට විතරයි
ඒත් අපෙන් පස්සේ ආපු ගොඩක් උන්ට නෑනෙ ශිශ්නයක්…

දවසක තනි හවසක
සැනසුන තුංග අනු අතර
රිංග සෙව්වේ මම
කලුවර වෙනස හිත සනස
පවස ගැවස තුළ නිවස
විමස තනි සංයම…
ගිනිකෙළි ගින්දර වල නරුම ස්පන්දන ඉදිකළ සැබැද ලබැදි වෘතාන්තය…
මනුසංසාරය පිරි නෑ සග ලද
වෑයමක්
නෑකමක
නාඩගමක් පන්නර
මං තනියම ද්විත්ව සමතුලිත සිත්ව අනුකරණක් ද
නිර්මාණයක් ද
ප්‍රශ්න කර ආයුෂ දිවි විද නිමිති කිමිද හැදි කරමි තත්‍ය යථා
පැවතුම…
බලි මග කඩාගෙන මනස දවසක් මගේ හිරිගඩු කිපෙන යැපෙන හිඩ(සක්) වල
නිලලත් මිත්‍රය උඹ පාට කළ යුතුයි
උඹේම චිත්‍රය…

තනි වුන මා…
හිත නිවුනා…
සම වැදුනා…
රෑ නවතිද්දී…
මා……
තනියම ඉද්දී…
මා……
හති වැටුනා…
දුක මැකුනා…
තනි වුන මා…
හිත නිවුනා…
සම වැදුනා…
රෑ නවතිද්දී මා…
තනිවම ඉද්දී මා…

ලෝකෙ උසම තැනක
කන්දොස්කිරියාවෙන් මිදිලා
මාගේ දැහැනෙන් මාව මිදිලා
බිත්ති හතරකින් සුදු පිටුවක
මගේ සිතුවම් හිනා වෙන්නේ
මං කාරන කෙල පාවෙන තරම්
අදුරු දැහැනේ බැදි වලාව
පිඹි මිනී අලු දියකරයි ගිනියම
මිනිස් හිතුම් පැතුම්
හිඩැස්
හිඩැස්
වෙනස් මිනිසුන් අතරේම ගැවසුන
අන්දකාරේ මාව පෙනි පෙනි වෙලයි
ආවත් නාවත්
හිනාවෙන
කතාවෙන
හැමදේම වමනෙට එන විකාර මාර….
සමාවෙන්න මගෙ ගතිගුණ
මිනිස් හිතුම් පැවතුම් ඇවිත් කැතවුනා
කෙරුවත් චිත්‍ර අලු වලින් හැඩවූ කැඩපතෙන් කැත මම විමසුවා
ඇයි නැත්තේ පිලිතුරක්
විනිවිද දකින වෙනස පිණිස
සිදගමි ගල
ලෝකේ උසම තැනක මෝහේ අදුනේ
ශෝකය මැවෙන තැනක තනිකම සොහොනකි නොමැරි මැරෙන…

මම ඉන්න ආසයි පිටිපස්සට වෙලා
පාඩුවේ බලාගෙන
මගේ ලෝකෙට වෙලා…
දුන්නා අත්තටු මිනිස්සු මට
උන්ගේ ලෝකෙට එන්න
අපි රජ කරමු කියා…
හිරවෙලා ඉන්න මට
පියඹන්න දෙන්නේ තටු
මට ආලෙට නෙමෙනෙ ඔයා…
ඉන්නේ තනියම
කන්නේ හොයාගෙන
මට තටු එපා…
මම ඉන්නේ බලාගෙන
හැමෝගෙම හැටිදැනගෙන
මගේ ලෝකෙට වෙලා…
ඇස්වහගෙන
මා වටකැරකෙන
සිතිවිලි එක්ක
දුර ගමනක්
කලුවරෙ මා ගියා…
එපා කවුරුත් තනියට
තරු එද්දී කඩාගෙන මගෙ ලෝකෙට
උඩ බලාගෙන ඉන්න මන්දාකිණි
දුන්නා හෙට දවසට
අරන් යන්න
හුසමක් දිග…
යන දවසට මෙලොවින් එලොවට
යන්න වෙන්නේ තනියම
ඇත්ත ඒක තමා
නොවි කම්පා
සොයන්වා සම්ම නිවනට් යන මග
එලිකරගෙන මට ගැලපෙන සත්‍යයේ…
කෙලවර නොපෙනෙන දුර ඈතට
දුවනවා මං
හොයාගෙන දැන්
තනිකම තනිවම විදගෙන
ඉන්න තැනක් මගෙම හොයන්

තනි වුන මා…
හිත නිවුනා…
සම වැදුනා…
රෑ නවතිද්දී…
මා……
තනියම ඉද්දී…
මා……
හති වැටුනා…
දුක මැකුනා…
තනි වුන මා…
හිත නිවුනා…
සම වැදුනා…
රෑ නවතිද්දී මා…
තනිවම ඉද්දී මා…

අල්ලන්නෑ අදනං ඉර පායන් එන විදිය
ගන්නත් නෑ මට නිදිය
බෝර්නා වැඩ වැඩ සතියම කන්නෙම
දත්..මිටිය
යුද පිටිය…
දහඩිය කිටි කිටිය
මග හැරුනා මිතුරන් මට හිටිය
වතුපිටිය නැති ඇනය නැති මිටිය
ගිනි බඩගිනිය
හිටි හැටියෙ කිරිපිටිය
ඒකයි දිවිය..
අප්පිරිය…
අඩුපාඩු වලින් යුක්ත ජීවේ යුද මුක්ත
හීනෙ හූන කිව්වා
චික්
චික්
අවිවාද
අවවාද
අවලාද
හැමදාම
මාද දෙවියනේ
පුජා වට්ටි අරන් කතරගම අනන්ත වැන්දා මම මැදියමේ…
කලා භාවනාව
හිතේ බර වද දුන්නේ පාගන් මාව
මාර මාර
මිනෝල් මටත් දැනෙනවා උඹේ විඩාබර ගෙල සිද විසික් කරන්නට තරම්
හිතේ බර
ආස තනිව සත්තයි
දුක සැප තෝරගතේ මැද්දයි
සෙනගක ඕනෙ කෙරුවේ පැත්තයි
නින්දක් සුවය දුනේ පෙත්තයි
මට මන් මිස යන්න බැරි තව්තිස
කල පව් පොදි බැදගෙන චෛතසික
සුභාෂිත කියවලත්
තම හුඹහා හිත
මං කිව්වේ මගෙ හිත
මං දන්නෑ උඹේ හිත
කාරන එක මගේ උපන් සිරිතක්
දාගෙන ඇහුවට ගිහි පිරිතක්
පැතුවෙ ලැබුනේ නෑ මට කිසි පිහිටක්
පිරිසිදු වඩි නිසයි පෙනුනෙම කිලිටත්
කැලයක ගිනි මැලයක් ගහගෙන
ආසයි මම නම් තනිව ඉන්න
වෙන්නෑ කාටත් හිරිහැරයක්
ආසයි මම නම්
ගිනි තපින්න…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply