වස් කවී (Cypher) | Was Kavi (Cypher) by Big Doggy ft. 007, Master D, Freaky Mobbig, Samith Gomes & Zany [2020]

Sinhala song lyrics with music notes illustration

මම වේ හදවත වෙන්නේ මම දවසක
කතරක දුර කවදාවත් වෙන්නෑ අමතක
අව යානේ ලියවෙන්නේ කතරක
මවනේ කෙලවර වුනත් මේක දවසක
Shut Up Your Mouth Please දැන් Homie
අපි ආවේ බර අවියාවෙන් දැන් Homie
ස්තූතියි Big Brother BigDoggy
කලු එක එකතුව මේක තමයි Homie

පොලවෙම පය ගහලා ඉන්නම කැමති
මැරෙන්න වෙන්න බය කරලම රැවටී
හදන්නේ කඩදාසි ඔරු එතෙර වෙන්න
මම හැමදාම හවසට ගඟ ළඟදී
හීන මාව සස මං ඒවා නිසා පස්සකම්
අරන් ඇස් වහන් ඉන්න ඕනී මට තව
හරිම වේලාවට ඇසේවී කටහඬ ඇසේවී
දුර දකීවී නොවේවී කලබල අපි

සුරපුර අකුණ වැදි සැරට කකුල
ඇඳ බඹර යකුන මතක් උනාද පතුල
ඉන්දා පින්බර කටුව ඇනලා තියන් බොටුව
මෙන්න සිංහල යකුන මතක තියන් අකුර
මට ශෝක මෙහෙම රට කරා
නෙදකින් බොම්බිලි කට්ටක් කාපු නැති
කරවලා තව එකෙක් එක්තැන් කරගන්න
තඩි මාපිලෙක්ව ඇතිකලා රටකින් පන්නලා දාපු
මාගරට් ව මැටිකලා මෙන්න මගේ සබා
තනි තනි ගනි අවි මරා වැනිසිලිය
කුණු මතින් නැති බෝතල් කරා ගඟක දිය
ඇණ මුරිච්චි රැගෙන ගියා දුවකු ප්‍රිය
අලු කෙලෙසා දැනුනා මට තෙරක බිය

අතත් කම්බුල ඇති
දැන කන්නද මැතිඳා
අතත් හෙව්වට වැදිලා
මතක් වියදම් පැතිලා
කතක් හෙව්වට නටලා
ගොඩක් තැන්වල ගැටිලා
මගේ රැප්වල පැටලී
වැටිලා දතක් කැඩිලා

සුන්දරයි මේ නගරේ
වළාකුල් නෑ දූවිලි අතරේ
ගින්දරයි හිත පපුවේ
සරා දන්නෑ අපි ගැන මිතුරේ
රම් පනම් පට මැඳුරේ
කන් පලන් එන මගේ රැප මිතුරේ
මේන් බලන් සකි වදුලේ
වන සතුන් නටවන්නම රට මේ

පව කරයි පිණට වඩා පවට
කෘතක්ජනයා නැඹුරුයි
මගේ වචන මගේ මිණි වලටත් වඩා ගැඹුරුයි
කාලකන්නි ලෝකේ නෑනේ හිතේ ශෝකේ
කපලා බලපන් දිරන කය බන්
ඇතුලේ ඇති දෙයක් නෑ ඕකේ
බෙහෙත් නැහැ මිනිස් විසට අරගන්න එපා
හිතට තමන්ට හෙවනැල්ල වෙන්නේ තමන්ගෙම හිසට

ස්පර්සෙට මුල අනිත් දේවල් එන්නේ දිගට
ඇගිලි හතරක් උඩට මැද ඇඟිලි දෙක එකට
සාසනේ වැනසුම සාසනේ සුල මුල බුදු වදන
දෙසූ සේක මුලදිම

භක්ති පැතක මිසයට මුල
පලතුරු වට්ටි අනුව දෙවියෝ තෝරයි රුකුල
එක බොරුවක් තවත් බොරු 100 කි වහයි
උඹලා ලෝකේ ගැන දන්නේ තව 5% යි
ඉල්ලුම නාද කොලේට මම නම් නෑ උනේ වහල්ඩෝ
මේ Freaky Mobbig කැපිලා තව්තුසාවේ සහල්

කැපකලා රට අවුරුදු 20ක් මගේ ප්‍රානේ
කොපි කරලා ජන උරා බිව්වා සාරේ
අතාරියේ නෑ ගිනි දකිනකන් අවසානේ
තාමත් වඩා හොඳයි මට රාවනාගේ වාහනේ
කාලීන රැප් සංගායීනාව මේක මහ මෙව්නාව
නාම පුවරුව පත්වෙලා මුල් පිටුවට
මාව තාම නීරෝ වගේ මාන බලන් ඉන්නේ තාම
හැමදාම ගසන්නෙපා කොකා වැහිලා
ඉන්නේ දැන් කාලිංග මාග

කාලකන්නි කඩපු දස පතනම වැහුනම
යකා හිතේ මොනවත් නෑ අවනත
මයික් එක ඉදිරියේ මං බිගීට සම සම
හිතවත් කීර්ති නාමත් නැත දැන්වත් කුහකකම
පුරාවෘත්ත වෙන්න කලින් මමත් තවත් කෘතියක්
සංස්කෘතිය වෙනස් කලා දැනගෙන සෘතියක්
විහික් කරපන් මගේ නම සිංහල රැප ලෙල දෙති
අමරණීයයි අන්තිම හුස්ම වත් කලයට මුසුවෙයි

අහපන් මගේ සංකර කවි
හද පතුලෙන් එන භක්තිය වැඩී
හෙල පතුරම් මගේ රස්නය වැඩී
ඇස ගැටුනෙත් මට රස වැටුනෙත්
‍රැප ගෙන ආවත්..
අහපන් මගේ සංකර කවි
හද පතුලෙන් එන භක්තිය වැඩී
හෙල පතුරම් මගේ රස්නය වැඩී
ඇස ගැටුනෙත් මට රස වැටුනෙත්
‍රැප ගෙන ආවත්..

උඩ බලන් ඉද්දී ගෙවිලා යන දවස් අතේ
ඇඟිලි මදි ඒත් ගනිනවා තවත්
අතරමන් වෙලා දූපතේ වතුරේ ගිලුනම
අත වැනුවත් නවතින් නෑ
ළඟින් යන නැවත්
ඇද වැටිලා පය ලිස්සා ගෙඅට වෙලා
ඉවරයි ගෙවිලා විස්සයි විස්සත්
ලිස්සපු පය තබා උන් නටපු
අත ඇස් පනම් පිට යවා
ආයෙත් දියවන්නාවට පිස්සන්

දැන් සැප කෝටියයි රටයි
අපි වගේ වෙන්න තිබූ රෝහලයි
රෝගියයි ශෝකයයි භීතියයි
මැදින් කනට කරලා හොරෙන් අහපන්
තිගෙන් හෙමින් මෙච්චර
උඹලා නෝටි ඇයි
තද කරපන් අමතක පුරුදු මේවා
කුලුදුල් මේවා ආයෙත් වේවි දවසක
වෙයන් අපගේ හීනේ හොයන්
නැගපන් ඉනිමග
අත් ඇදලා ඇරපන් හිරියන නිදිමත

සුන්දරයි මේ නගරේ
වළාකුල් නෑ දූවිලි අතරේ
ගින්දරයි හිත පපුවේ
සරා දන්නෑ අපි ගැන මිතුරේ
රම් පනම් පට මැඳුරේ
කන් පලන් එන මගේ රැප මිතුරේ
මේන් බලන් සකි වදුලේ
වන සතුන් නටවන්නම රට මේ

ජීවිතේ විකාර චාරිකාවකී
තමාට මාලිමාවකි
තමාව වාසනාවකි
විනාස චේතනාවකි
නිමාව වේදනාවකි
අවංක වෙන්න බයද
බොරුව ලග තියං අතරමං වෙති

හැමෝම දකින සතුරා තාවකාලිකයි
අකාලෙ අපරාදේ
වැනසෙන්න ගෙවන්න කරුම මේ සමාජේ
මිනිසාගේ අවසානේ
පිලිගන්නේ මම දකිනා දේ
කෙලෙසින්ද මිතුරුකම දැක්කම
තිත්ත වෙනවා ලෝකේ
කන අතටම හැරෙනවා වාගේ
මේ සල්ලි මැව්වේ මාරයා
අපිද මෝඩයා

පිලිගනින් සල්ලි බාදුරා මලක්
අපගේද සුන්දරයිලු යාලුවේ
පැටලිච්ච කාටවත්ම බේරිලා නගින්න බෑලූ
එනවාලු සෙවනැල්ල සේ විකාර කරුමේ
ගෙවන්න වෙන්නෙ තමාට
පෑරෙන මතකේ දෙන විලාප
මට වද දෙන තැවෙන්නෙ මාව
වයන්නේ මාරයා වීනාව
වැයෙන්නෙ මරනයේ තේමාව
සාගරේ වේදනාවෙන් වෙන්න බෑ එගොඩ
කෙලවරක් නෑ වගේ

සුන්දරයි මේ නගරේ
වළාකුල් නෑ දූවිලි අතරේ
ගින්දරයි හිත පපුවේ
සරා දන්නෑ අපි ගැන මිතුරේ
රම් පනම් පට මැඳුරේ
කන් පලන් එන මගේ රැප මිතුරේ
මේන් බලන් සකි වදුලේ
වන සතුන් නටවන්නම රට මේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply