සිංහල වෙදකම් | Sinhala Wedakam by Maduwa [2023]

Sinhala song lyrics with music notes illustration

මෙන්න කැඩිච්ච හන්දි හොඳ වෙන්න සිංහල වෙදකම්
ඉදිමුන්ණෑ ඉන්නේ තාමත් පොළොවේ
උබෙයි මගෙයි වෙනස පොඩ්ඩක් හිතලා උබ බලපන්
දුප්පත් වුනත් හිත පොහොසත් නෙ මගේ
රෑට බීලා කෙල්ලොන්ට කැමති කියලා උදේ බලද්දි මං
Sorry, වෙච්ච දේවල් මතක නැතේ
එළියට බැස්සොත් හවස ගෙදර එන්නේ කීයටද ?
අපේ ඔරලෝසුවේ වෙලාව නැතේ

සුනාමී වගේ පැත්තක් කඩන් හෝදන් මං ගියා
රස්තියාදු කොල්ලෙක් යන්නෙ ඩිසෙන් පැත්තක තියා
රැප කරේ තියන් බර දරන් උස්සන් මං ගියා
නැතිවුනත් කිසිදෙයක් වෙන්නේ බොක්කෙන්ම හිනා

රස කරලා කැව්වා මුන්ට රැපෙන් කටක්
රස වැදිලා ඉල්ලන් එන්නෙපා මගෙන් හෙටත්
එක වගේ ඩෝ, වෙනස් වෙන්නෑ මං තිබ්බත් නැතත්
පිම්බොත් විසිවෙයි ඇඟේවත් නෑනේ කිලෝ 60ක් මුන්ගේ

තාත්තා නැති බං අඩුව, අම්මා දුන්නා බං කරට
අතේ තියන දේ දාගන්න, මුන්ට පින නෑ කටට
මේකේ අඩුව තේරෙන්නේ අපි ගියපු දවසට
මොන තරඟද තොපි එක්ක සෙල්ලමක්වත් නැතුව

කරේ එල්ලෙන්න හදන්නේ අතරමං වෙච්ච කෑලී
වේලෙන අපිටත් ඕන දෙයක් බං
අපේ පේලි ගනන් සල්ලිවලට ගන්න බෑනේ
ගෑණු චරිත මුන් පිරිමි වුනත්

උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම,
තව රස කරලා
අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා,
මෙව්ව නම් අහලා
උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම,
තව රස කරලා
අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා,
මෙව්ව නම් අහලා

මේ වචන රස බලන්න මේ වර
උබෙයි මගෙයි එකම පාට තියෙන්නේ ලේ වල
කිව්වේ නම් ගමෙයි නම කිව්වොත් තද Place මට
ගංජා කියලා දීලා රවට්ටලා මුන්ට තේ කොළ

සිංදු කරන්න සල්ලී තිබ්බෙ නෑ ඒ කාලේ
ගියා බස් එකෙ අපි ගිනි දවාලේ
කරේ මං චිත්‍ර ඉස්කෝලේ කාලේ
සංගීතේ කොහොම ආවද මම දන්නෑනේ

මං සෙල්ලක්කාර කොල්ලෙක් කියන දේ අහපු නැති
රෑ නින්දත් අල්ලලා අපි දවල්ට බං නිදි
මං එදා ගත්තු තීරණ ගැන සතුටු වෙනවා
අද මම ඇවිත් ඉන්න දුර බලද්දී

අද බදින්න ඉන්න වගේ couple නම් අපිත් දැක්කා
කියන්නෑ මැරුවත් එකෙන්ම රහස් මං රැක්කා
වදින්න මුකුත් නැද්ද කියලා මගෙන් අහද්දි
කොලයක් එක්ක බඩු ඔතන්න පොඩ්ඩක් දුන්නා

මුකුත් නැතුවම තැනකට ආවේ, සිතියමේ මැද දිලිසෙයි දැන් නුවර
තණ්හාවනම් බදාගෙන කෑවේ, ලේ දුන්නට බෑ මොල දෙන්න
තිබ්බ වැරදි මං හදාගෙන ආවේ, එකා පස්සෙන්ම බෑ ඇවිදින්න
කටහඬ අපි තමයි කොල්ලෝ පාරේ, සංගීතේ නැතුව බැහැනේ හුස්ම ගන්න

උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම,
තව රස කරලා
අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා,
මෙව්ව නම් අහලා
උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම,
තව රස කරලා
අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා,
මෙව්ව නම් අහලා

written by Maduwa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply