සරළ දේවල් | Sarala Dewal by Dhanith Sri [2023]

Sinhala song lyrics with music notes illustration

සරළ දේවල්
හිතින් පතන්නේ මං
සරළ දේවල්
සරළ දේවල්
ජීවිතේට පණ දෙන්න ලෝකේ ඉඩකඩ ඇති තරම්
සරළ දේවල්
විඳින්න ලෝකේ අමතක කරලා දාලා යන්නේ මං

සඳ පිණි මත වැටි නෙතු අග දිළිසෙන්නේ
සඳ මත ඇවිදින්න යන්නයි සැරසෙන්නේ
තරු එක දෙක වැටුනට මං නෑ තැවෙන්නේ
අහස සිඹින මට ඔටුනු වැටෙන්නේ
එක කකුලකි බිම නෑ MISS වෙන්නේ
වැටුනට බයක් නැත්තේ ඒකයි අදටත් හෙටත් මල්ලී

සරළ දේවල්
හිතින් පතන්නේ මං
සරළ දේවල්

ජීවිතේට ගන්න බැරි ආදරේට දුන්න දේවල්
දීලා දාන්න මල්ලි අපි අද හෙට යයිද දන්නෑ බං
කවුරු මොනව කිව්වත් නිදහස්සේ හෙමිහිට මං මගෙ පාරේ
නුඹේ අදහස මං ගැන මොකක් වුනත් අදාල නෑ බං
අපි අපි ගැන සැක කළ උස් මිටි කම් ඇති කළ
කැත සල්ලි ගැන කතාකරන්නවත් ඉඩක් දෙන්නෑ මං

සරළ දේවල්
හිතින් පතන්නේ මං
සරළ දේවල්

YEAH
සරළ දේවල්
විඳින්න ඉගෙනගනින් මචං කවුරු කීවත්
සරළ දේවල්
අමතක කරන්නෙපා මචන් පොඩිවුනත් ඒවා ලොකු දේවල්
ගහන්නෑනේ ලේබල් ඕන දෙයක් තේරුම්ගන්න මගෙ හිත OPEN
ඉන්නම්
හඳේ හාවත් එක්ක සෙල්ලම් කර කර මං

YEAH
ඉර හඳ තරු යට කැරකෙන ලෝක බෝලෙ උඩ යන
පොඩි පොඩි කූඹි වගේ එහේ මෙහේ ප්‍රශ්න ගොඩ ගහගෙන
යන එන හිත තේරුම් අරන්ගෙන හරි මැද ඉඳගෙන
සබඳ අපි නොම වෙමු කඳු එක එකා පරයා නැග එන

උම්බම්බේ උබම් බම්බේ
සඳ පිණි මත වැටි නෙතු අග දිලිසෙන්නේ
සඳ මත ඇවිදින්න යන්නයි සැරසෙන්නේ
සඳ පිණි මත වැටි නෙතු අග දිලිසෙන්නේ
සඳ මත ඇවිදින්න යන්නයි සැරසෙන්නේ

written by Dhanith Sri

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply