ලියුම | Liyuma by Kaizer Kaiz ft. Lil Neo [2015]

Sinhala song lyrics with music notes illustration

අම්මේ අද මගේ 16 වෙනි උපන් දිනේ
මතකෙට ආවෙ සමරපු හැටි 6 වෙනි එක මගේ
ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගේ ලොකේ
ඉස්සර වගෙනන් නුඹ තමයි මුලින්ම සුබ පැතුවේ
අනාථ මඩමේ කෑම අම්මේ මට වහයි
උඹේන් ගුටියක් කෑවත් මට ඊට වඩා රහයි
තරහක් එනවා හිතට මාව දාල ගිය එකට
ආදරෙයි නුඹට මගේ හීනෙට හරි එනවට
මවා ගන්නවා නුඹේ රූපේ මගේ හිතින්
අකුරු බොද උනේ කදුළු වැටෙන නිසා නෙතින්
හදින් අපි ලං වෙලා ඉන්න නිසා
තනියක් නැහැ අම්මේ හිටියට දුරින්
එක පාරක් ලගට ඇවිත් අල්ලගන්න අතින්
පරිවාසේට එන්න උනා සමාවෙන්න ඉතින්
අනාථ උන විනාශ උන කාලකන්නි හිතින්
මම සුබ පතනවා ඉන්න තැනක ඉන්න අම්මේ හොඳින්

දෙවියන්දෝ මා හට කුරිරු උනේ
ඉරණමදෝ මේ මගේ
මං ඉන්නේ ඔබේ – මතකේ දැවටිලා
අසරණ වී එදා – මතකේ ගිනියම් උනා
අඳුරු වුණු ජීවිතේ – ලියුමක ලිය උනා

බලන්න සැප ළමයි මැරෙද්දි පාරේ
තාත්තලා එක් වෙලා බිවුවා කෙලෙසන කාලේ
මම අම්ම හොයනවා පීරලා තුන් ලෝකේ
තවත් එකෙකුගේ අම්ම මරලා ගන්න ඇගේ මාලේ
ජීවිත යකඩ මරණය කාන්දම
ඒ කාන්දම මාවත් අදිනවා ටික ටික
මොන රජෙක් උනත් අපි මැරෙනවා දවසක
තව ඉවසන්න බැහැ මාව ගන්න නුබේ ලගට
අවතාර වාගේ සිතුවිලි තනිකම ගාව
තනියම අඬනවා නිදියනකන් තාම
අම්මේ නුඹ අද නැති නිසා මගේ ගාව
තනිවෙලා මම මාංචු නැති හිර ගේක
අවුරුදු ගානක් නුබට ලියපු ලියුම් මිටිය
එවනවා දන්නවනං දිව්‍ය ලෝකයේ ලිපිනය
ඇරයුම සතුටට දුක ආවෙ සාදෙට
උපන් දිනේ දවසෙම නුබ ගියා සුනාමියට

දෙවියන්දෝ මා හට…..

නරකාදිය ඉදි කරන් – මාහා රළක සැගවුනා
නරකාදිය ඉදි කරන් – ඔබ නිහඬව බොද උනා
මාගේ ජීවිතේ මර උගුලක් උනා

දෙවියන්දෝ මා…….

written by Kaizer Kaiz

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply