අන්සතු මලක් | Ansathu Malak by SANTHUR [2025]

Sinhala song lyrics with music notes illustration

නුඹ මුල්ම ප්‍රේමයයි

මගේ නොවන හීනයයි

මේ නගරේ මතක බෝමයි

නුඹ හීනයක් සඳේ

අතරමං වෙලා වගේ

මගෙ සෙනෙහේ රැඳුනාවේ

තුහින මල් පිපුණාවේ

වස්සානේ ඍතුවේ

නිම නොවේ ඒ ප්‍රේමේ කවදාක හෝ හදේ

නුඹ අතැර මම කොහොම යම්දෝ සඳේ

නුඹ අන්සතු මලක් තමයි

මට සදාකල්ම අහිමි

දැන් මට ඔය දෑත දුරයි

සංසාරෙට දුක උරුමයි

නුඹ අන්සතු මලක් තමයි

මට සදාකල්ම අහිමි

දැන් මට ඔය දෑත දුරයි

සංසාරෙම නුඹයි මමයි

නුඹ නතරවෙයි ඉතින්

මම සසල වෙයි සිතින්

රෑ සඳ සිසිලේ මගේ හීන දැවුනා

උණුහුමේ නුඹව මා දමා

හුදෙකලාවේ මා තනි උනා

නුඹ අතැර මම කොහොම යම්දෝ සඳේ

නුඹ අන්සතු මලක් තමයි…

written by  Dilan Gamage

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply