දකින හීන | Dakina Heena by Lahiru Pramodaya x SANTHUR [2025]

Sinhala song lyrics with music notes illustration

දකින හීන මදි වගේළු

නින්දක් නැතුවා

හොයන ජීවිතේ ලැබේද

මොහොතක් හිතුනා

පායා එන්න අහසේ මා සිත්තරාවියේ

දෑසේ කෝල බැල්මෙන් මා 

වශීකලානේ

යාවී දෑස මානේ නිවුනාම ආදරේ

නුඹ ළග ඉන්නට හිතුනා මේ ජීවිතේ…

නෙතු යුග දුටු වේලේ

මල් හීසර වාගේ

පිපුනා හදවත මල් නෙළුම් විමානේ

දේදුන්න ඇතුලේ

සායම්ද දිලුනේ

සිතුවම් වෙලා හිතේ පුරා සදක් සේ

ඉගිළී යන්න නුඹ හා

අහසේ පියඹා

රහසේ හීන මැව්වා මා

හැගුම් ජලාසේ

පායා එන්න අහසේ මා සිත්තරාවියේ

දෑසේ කෝල බැල්මෙන් මා 

වශීකලානේ

යාවී දෑස මානේ නිවුනාම ආදරේ

නුඹ ළග ඉන්නට හිතුනා මේ ජීවිතේ…

අහසට සද සේමා

සයුරට රළ සේමා

මේ පෙම පැළවී මා හිතේ සීරුවෙන්

මායම්ද නුඹගේ

නෑනේ යන්න හිතුනේ

හිත තව කෝළ කලා පාරාදීසේ

ඉගිළී යන්න නුඹ හා

අහසේ පියඹා

රහසේ හීන මැව්වා මා හැගුම් ජලාසේ

පායා එන්න අහසේ මා සිත්තරාවියේ

දෑසේ කෝල බැල්මෙන් මා 

වශීකලානේ

යාවී දෑස මානේ නිවුනාම ආදරේ

නුඹ ළග ඉන්නට හිතුනා මේ ජීවිතේ

written by  Yasath Senevirathne

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply