ආයේ නම් එන්නේ නෑ | Aye Nam Enne Na by Dinesh Tharanga

Sinhala song lyrics with music notes illustration

ආයේ නම් එන්නේ නෑ
ළඟින් ඉඳගෙන පෙම් කරපු
ඒ කාලේ ආයෙත් එන්නේ නෑ
ආයේ නම් කියනු බෑ
ඔබට මං පණ වගේ ආදරෙයි
ආයේ නම් කියනු බෑ

මතක සිත්තම් තවම සිත තුළ
නුඹව සිත්තම් කරනවා
මිහිරි මතකේ සිහිව අදටත්
නුඹව මගේ නෙතු සොයනවා

ආයේ නම් එන්නේ නෑ
ළඟින් ඉඳගෙන පෙම් කරපු
ඒ කාලේ ආයෙත් එන්නේ නෑ
ආයේ නම් කියනු බෑ
ඔබට මං පණ වගේ ආදරෙයි
ආයේ නම් කියනු බෑ

දෑස හඬවා දුකක් දුන්නද
මම නුඹට කිසිදාකවත්
ආය දවසක ඉමුද ළං වී
මියෙන්නට පෙර ආදරෙන්

ආයේ නම් එන්නේ නෑ
ළඟින් ඉඳගෙන පෙම් කරපු
ඒ කාලේ ආයෙත් එන්නේ නෑ
ආයේ නම් කියනු බෑ
ඔබට මං පණ වගේ ආදරෙයි
ආයේ නම් කියනු බෑ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply