in Dinesh Tharanga

ආදරේ අරන් | Adare Aran by Dinesh Tharanga

ආදරේ අරන් ඔයත් මගෙන් වෙන් වෙලා ගිහින්
නාඳුනන ලෙසින් මඟ හැරී මගෙන්
ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා
ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

පාලු හීනයේ කෝඩුකාරී වෙලා
ආව මා හදේ දැවටිලා පෙරදා
හඬනා දෙනුවන් ඔබව සොයනවා
මම නෑ කිසිදා ඔබව හඬවලා

ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා
ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

සීත දෙකොපුලේ සිනසිලා සනසා
කීව පෙම් කතා සිහිවේ හැමදා
මතකේ රිදවා දෝරේ ගලනවා
ඔබ නෑ කියලා තාම හඬනවා

ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා
ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

banner

Leave a Reply