මා දෑස නෑ නිදී | Ma Daasa Na Nidi by Dinesh Tharanga

මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී
මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී
ඔබේ රුවට ගුලි වේවී
බොඳ වෙයිද කදුලක් වැටී
මා දෑස නෑ නිදී මා දෑස නෑ නිදී

මතකයිද ඒ දිනේ දිව්රා පුජාසනේ
ඔබ කීවා ඔබෙ ආදරේ
දෑගිලි ද පැටලුනේ සීතලට ලං වුනේ
මුළු රෑම නිදි නැති වුනේ
ඒ සොඳුරු සේයා ඔබ පෑව මායා
කඳුලක්ව හිත පෑරුවේ
ඔබ යන්න ගිය දා මා හැඬුවේ ඉකි ගා
ඔබ නැවතුනේ නෑ ප්‍රියේ

මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී
මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී
ඔබේ රුවට ගුලි වේවී
බොඳ වෙයිද කදුලක් වැටී
මා දෑස නෑ නිදී මා දෑස නෑ නිදී

මනමාල යයි කියා ඔච්චම් කලා ඔයා
මා නම් නෑ ඔබ රැවටුවේ
අරුමෝසම් වැහි නිසා
ඔබේ සුවඳ දිය වුනා
හද කෑ ගසා වැලපුනේ
ඒ සොඳුරු සේයා ඔබ පෑව මායා
කඳුලක්ව හිත පෑරුවේ
ඔබ යන්න ගිය දා මා හැඬුවේ ඉකි ගා
ඔබ නැවතුනේ නෑ ප්‍රියේ

මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී
මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී
ඔබේ රුවට ගුලි වේවී
බොඳ වෙයිද කදුලක් වැටී
මා දෑස නෑ නිදී මා දෑස නෑ නිදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *