හද මන්දිරේ | Hada Mandire by Gayan Perera [2022]

Sinhala song lyrics with music notes illustration

හද මන්දිරේ
ඇදි සිතුවමේ
හැඩකාර මා අගභිසව
රාජධානියේ

මතකය අපේ ප්‍රේමාදරේ
නටබුන් වෙලා වැලලී ගියා
අතීතයේ

සිතකින් නොවේ
හඩවා වෙන්වී ගියේ
යදිමී සමා දනින් වැටී පාමුලේ

පවනේ දැවටී
සුළගේ හොරහින් සැගවී
සුවදුන් ආදරයේ
මතකය මා රිදවාවී

මතුදා සසරේ
හමුවේද බලා හිදිමී
කල පව් පලදී
අද මා තැවෙමී

කල පව් පලදී
අද මා තැවෙමී

කදුලැල් නෙතේ
නුඹයි පිසලුවේ
සල්ලාලවේ හාදකම් වලින්
තුති මා කලේ

අවලම් මගේ මිතුරන් වටේ
කල චෝදනා හංගන් හිතේ
කොහොම ඉවසුවේ

නෑ වැටහුනේ
මෝඩකම් මට
මාගේ උඩගුවේ
බිසව වී අද ඔබ වෙනකෙනෙකුගේ
මාළිගේ

පවනේ දැවටී
සුළගේ හොරහින් සැගවී
සුවදුන් ආදරයේ
මතකය මා රිදවාවී

මතුදා සසරේ
හමුවේද බලා හිදිමී
කල පව් පලදී
අද මා තැවෙමී
කල පව් පලදී
අද මා තැවෙමී
කල පව් පලදී
අද මා තැවෙමී

hada manire lyrics , hada mandire gayan perera lyrics , hada mandire gayan perera chords

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply