හිත් විකට් | Hith Wicket by Kaizer Kaiz ft. Luke Mendis [2019]

Sinhala song lyrics with music notes illustration

උබට වැදන් හිටපු අතකින්මයි හොදට හිතලා ගත්තේ පෑන
උබට දීලා තිබ්බේ ලෝකේ දෙවියන්ටත් නොදුන් තැන
කෝටි ගනන් එනවත් ඇති නේ ද රසිකයන්ගේ පැන
කියවනවනම් නවතින්නේපා ලිව්වේ
මගේ ආගම ගැන
උබට සෙල්ලමක් වුනාට මේක අපිට ආගමක්
දුකේ ඉදන් සතුට වෙතට එගොඩ කරපු පාලමක්
ජීවිතේ පැරදිච්ච අපිට උබලා දිනින තරඟයක්
ලොතරැයියක් දින්නා වගේ නැතත් අතේ රුපියලක්
සත රුපියල් සීය කරලා ගත්තේ මැච් එකේ ටිකට්
ටීවී එකේ බලන්න හැකි සෙල්ලමක් නෙවෙයි ක්‍රිකට්
මුණ දෙපැත්තේ අලවන් සිංහ කොඩිය ස්ටිකර්ස්
ලං වුනා අපී වැඩීවත් ද කඩන්නේ අපේ හිත් විකට්
පුරේ ඉදන් බයිසකලේ හොයන් ආවේ දඹුල්ල
පරාජයත් යෝකරේ වගේ අපේ සතුට කඩුල්ල
එකක් දෙකක් ඉවසුවා සර් මේ කීවෙනී පාරද?
හූ කියවුනේ ආවේගෙට අපිත් එක්ක තරහද?

තණ නිල්ල ඵල දරපු කාලේ
දෙවිවරුන් වැඩ සිටි විමානේ
සිහ තේජසින් මුලු ලොව දිනා
රට බැබලුවා

මුලු රටක් හැඬවූ නියාවේ
සූදූවක් වී ඇත අගාධේ
රුපියල් නිසා දේස පලුවන්
කෙලසනා

සෙල්ලමක් නෙවෙයි ආගමක්

ගෙදර එවුන් හිනා වෙනවා උඹට ඇද්ද කියලා
ඒත් එදා රෑත් පහන තිබ්බේ උඹට සෙතක් පතලා
මේවා ගැනම හිතලා හිතලා හිතිච්ච තැන් ගෙවිලා
නිදා ගන්න කොට්ටේ යටත් උබේ රූප නමලා
ප්‍රවෘත්ති වල මැති ඇමතිලා උබට හොදට බනිද්දි
ටීවී එකත් වහලා දැම්මා ගෙදර එවුන් බලද්දි
අහස එපා කිව්ව අපිට පොළවත් දැන් රවද්දි
යන එනමන් නෑ මහත්තයෝ උඹලා අහක බලද්දි
තෙරෙන්නෙත් නැතුව ඉන්ග්‍රීසි වචන දෙක තුනක්
ටෝස් එකේ ඉදන් බලන්නේ උඹව බලන්නට මිසක්
නොතෙරුනත් බලන් ඉදලා උඹ ගත්තම බින්දුවක්
වචන කෝටියකින් කියනු බෑ හිතේ උපන් දුකක්
අපේ කදුලු මිට මොලවන් බිත්තියකට තලන්නම්
දිනුම වගේ පැරදිල්ලත් එකයි කියල හිතන්නම්
ලිපට වැටුන කබලට අපි පිච්චි පිච්චි නගින්නම්
එක තරගයක් දිනපු දාට දණ ගහලම වදින්නම්

තණ නිල්ල ඵල දරපු කාලේ
දෙවිවරුන් වැඩ සිටි විමානේ
සිහ තේජසින් මුලු ලොව දිනා
රට බැබලුවා

මුලු රටක් හැඬවූ නියාවේ
සූදූවක් වී ඇත අගාධේ
රුපියල් නිසා දේස පලුවන්
කෙලසනා

සෙල්ලමක් නෙවෙයි ආගමක්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply