හිත අතර | Hitha Athara by Naviya CMB [2021]

Sinhala song lyrics with music notes illustration

පැරදුනු තැන් ජීවිතෙ බොහොමයි
ඉර නම සැමට අත් වෙන්නෙ ඔහොමයි
බෑ කියා නැගු වාර මට බොහො තිබ්බත්
නැති කාලෙ බැබලෙ නමයි මගෙ සොහොනයි

සිතුවිලි පොර බදි හිත අතර
දුක උරුම වෙයී ලග්නෙ නිසා මගෙ මකර
වල කපන බොහෝ දෙන මගෙ වටෙ හිටියට
යමි බාදක බිදන් මගෙ මෙ ගමන

දවසක කියයි නවියා මාර පොරක්
ඒත් දැන් කියයි මූනම් වෙන්න යන්නෙ චොරක්
ආහ්
කෙසේ කිව්වත් මගෙ හිතට මන් එකගයි
වෙන්න ඕනේ නෑ මට කටින් ලොකු පොරක්

සහය දෙන්නෙ කාටත් මම හදවතින්
මගෙ ගැනයි වචන කිව්වෙ අද මන් ඉතින්
අහන දේට කෙලින් දෙන්නෙ යාලු මම උත්තර
මාතෘකාවට ආස නෑ යන්න මන් පිටින්

පොඩි දේ වැරදුන ගමන් වටෙන් තලයි
වටෙ උන් හිනා උනෙ මම පැරදුනු කලයි
ලග ඉදන් අගාදෙට දැමිමට සැරසුන උබලට මගෙ වදන් අද වෙන්නෙ නියගලයී

හිතු හැටි නෙමේ ගොඩක් වටෙ හිටි මිතුරන්
අපි උනෙ ගොදුරු උනුයි උනෙ පිබුරන්
ඉන්නෙ යාලු දැන් ඔය කාවත් අදුරන්
යන්නෙ අලුත් ගමනක් වැරදි දේ අදුරන්

කොතනද මට පෙර මුල වැරදුනේ
පන දෙන ගොඩක් උන් යටින් මට ගැරහුවෙ
හිතෙ නැ තරහක් මගෙ කොහෙවත් ඒහ්
බොලා කැපු වලයි මට පාර අද සැරසුවෙ

දන්න උන් දනි යලු මමයි මගෙ ගැනයි
නොදන්න උන් ඉන්නෙ කවදත් මට බැන බැනයි
මගෙ දිනුම මට අත් වෙන දින එනකම් මන්
හැම විට ඉන්නෙම ඇගිලි ගැන ගැනයි

දන්න උන් දනි යලු මමයි මගෙ ගැනයි
නොදන්න උන් ඉන්නෙ කවදත් මට බැන බැනයි
මගෙ දිනුම මට අත් වෙන දින එනකම් මන්
හැම විට ඉන්නෙම ඇගිලි ගැන ගැනයි

සතුට ඈත නිසා දුක මන් වින්දා
බෑ කියපු උන්ගෙ තර්කේ අද මන් බින්දා
වෙන්නේ මෙයයි කියා දැනන් හිටි මම අද
වදනක් නෑර පාස ගෙන උන්ගෙ ගෙල සින්දා

කාටත් වෙන්නෙපා හිතින් හතුරෙක්
රැප අහන උබ සිසු මම වෙන්නෙ ඇදුරෙක්
මෙ දේ මරන උදා වනකම් විතරයි ඒ නිසා
යාලු ජීවිතේ හිතපම් ගැබුරෙන්

අදුරෙන් අදුරට පලක් නැ ඇවිදලා
අදුරෙන් එලියට ආ යුතුයි ඇවිදලා
කුහක කම් හිතේ තියන් ඉන්න උන්
අන්තිම හුස්ම හෙලන්නෙත් ලොව තුල විදවලා

මනුස්ස කම අතින් යාලු මම වෙන්නෙ පෝසත්
වටේ පිටේ ගොඩක් උන් කටින් වෙන්නෙ බෝසත්
මෙය හරි මෙය වැරදී දේ කියා කිව්වට
වැරදි කලේ හිත යටින් දැන ගෙන ඔය කෝකත්

යාලු මගෙ හිත තුල නෑ ලොඋකම්
ඉටු විය යුතු තැන ඉටු කලා යුතුකම්
බොරු ගරු සරු එපා යාලු මට ආ
කවුද හරි වැරදි කියා අදුරන් ඉන්නෙ අද මං

මම යන ගමනනෙ ආවා වටෙන් බාදක
උත්සහයයි ලග හිටියෙ මගෙ සහයට
කවුරු කෝම කිව්වත් තමන්ට තමන් විතරයි
බෙහෙත් දුන්න අද මන් කුහකයන්ගෙ ගායට

දන්න උන් දනි යලු මමයි මගෙ ගැනයි
නොදන්න උන් ඉන්නෙ කවදත් මට බැන බැනයි
මගෙ දිනුම මට අත් වෙන දින එනකම් මන්
හැම විට ඉන්නෙම ඇගිලි ගැන ගැනයි

දන්න උන් දන්නවා යලු මමයි මගෙ ගැනයි
නොදන්න උන් ඉන්නෙ කවදත් මට බැන බැනයි
මගෙ දිනුම මට අත් වෙන දින එනකම් මන්
හැම විට ඉන්නෙම ඇගිලි ගැන ගැනයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply