හිත නාඹර තාලෙට | Hitha Nambara Thaleta by Bathiya & Santhush

Sinhala song lyrics with music notes illustration

හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා..

හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා..

පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ

හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා..

පාට සමනලයන් ආදර ගී මුමුණා
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා
පාට සමනලයන් ආදර ගී මුමුණා
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාළු වූ මහදේ කවුරුද තනි මැකුවේ

හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply