කැඩපතකින් | Kannadiyakin by Gypsies with Sunil Perera

Sinhala song lyrics with music notes illustration

කැඩපතකින් නෑ කිසිදවසක
ගමරාල මුහුන බලලා
මග වැටී තිබූ කැඩපතක් අහුලගෙන
තම පිලිරුව දැකලා
අඩමානයක්ම නැත මේ ඉන්නේ
මගේ පියා තමයි කියලා
බිරිදටත් හොරෙන් උදේ හවස
කැඩපතට මිනිහ වැදලා

කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා

ගමයගේ ඇතිවුනු වෙනස
දැකලා ගම මහගෙට
සැක හිතිලා
ඔහු නැති මොහොතක ඇරලා පෙට්ටගම
කැඩපත ඇය දැකලා
ඒ දෙස දුටු විට අදුරන්නේ නැති
ගෑනු රුවක් දැකලා
පුපුර පුපුර හිටියා ගමයා එනකල්
කුඹුරේ ඉදලා

ගමයා ආවා විතරයි ගේ ඇතුලට
බිරිදගේ කෝලාහාලේ
ගෑනියෙක් මොකට ගෙනාවද
මට නැති ආලේ
කැඩපත අරගෙන මූන බලාලා
ගමයා කීවා එවෙලේ
මේ සිටින්නේ ගෑනියෙක් නොවෙයි
තාත්තා නේද බොලේ

කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා

මගේ වගේමයි
තාත්තාගෙත් දැන් රැවුල ගොඩක් වැවිලා
බලන්න සොදුරිය කියාලා කැඩපත
බිරිදට දික් කරලා
බිරිද බලනකොට
කෝපෙන් ඔරවන ගෑනූ රූපේ දැකලා
රැවුලක් කොහෙන්ද මෙයාට
හිතුවද මම රැවටෙයි කියලා

අපේ තාත්තට ඔයා කියනවා
ගෑනු කෙනෙක් කියලා
මං කියන්නේ මේ ගෑනියෙක් නොවෙයි
මගේ පියා කියලා

තාපසයා ඇති ආරාමය මේ ගැන එයාට කියලා
බේරිල්ලක් කරගන්නට යමු අපි
රන්ඩුව නවතාලා

කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා

අනේ සාමිනේ පින්සිඩ්දුවෙයි
මෙය බේරුම් කර දෙන්න
මෙහි සිටින්නේ මගේ පියයි
මට පුලුවනි අදුරන්න
බිරිද කියනවා ගෑනියෙක් ලූ මේ
බෑ මට ඉවසන්න
සාමිනි බලන්න සාමිනි බලන්න
පදනම පවසන්න

මුහුණ බලාලා තාපසයා කැඩපතෙන්
සිනාසීලා නාදෙන්
උඹලා දෙන්නාම මුලා වෙලා
දෙන්නම වැරදී වාගේ
ගෑනු කෙනෙක් නොව
ඔබගේ පියත් නොව
ඇයි කලබලවීමෙන්
මෙහී සිටින්නේ සිල්වත් ඇත්තෙක්
එයා මෙහි උන්නදෙන්

කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා

කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා

කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply