කින්නරාවි | Kinnarawi by King Lotuss x Nilakshi [2023]

Sinhala song lyrics with music notes illustration

ඉන්න නැවතී මා හා
කියන්න කැමතී දේ මා
නිදි වින්දෙ රෑ වී බෝමා.. සැමදා…

අඩවන් නෙතේ කඳුලු වැස්සයි
නැගිටින්න බෑ දෙපය ලිස්සයි
ඇවිදින්න ආසයි කින්නරාවී
මන්ද උන් ඈ නුරුස්සයි…
Rap/
නුඹ හා සිනහා වෙන්නත්
මඟහැරුනා වාරේ
දුක හා තරහා වෙන්නම්
මතකයි අපේ බාලේ
සතුට නැමැති නාදෙන් මං
වසඟයට එද්දි
මිදුනා නුඹගේ පාරෙන් මං
මිතුරි සහ ගෙව්ව කාලේ

නිව්වා සාලේ ආලෝකේ
බිව්වා මතකද මාහා
මං උබට කිව්වා
පණිවුඩ ලිව්වා
නැවතත් එන්නයි කිව්වම හා හා
යනුවෙන් කිව්වා
මං මිතුරිය වෙනුවෙන් දිව්වා
මතකයි අද වගෙ නුඹ පෙර දින කදි නුඹෙ කුසගිනි සඟවල මගෙ තිබු කුසගිනි නිව්වා

මං ආසයි මේ බැඳීමට
අඳුර වැටී
හිත පාරයි බැහැ ඇඬීමට
වැටුන සැටී
පුදුමාකාරයි නෑ දැකීමට
සමාජේ මැටි මොල
නිසා කෙසේ නැසී ගියේ
සමාවෙන්න මල මට

සමාවෙන්න දකුණු අත නැතුව පාලුවේන්
නුඹ කෙල්ලෙක් හරී කොහොම උනත් හොඳ යාලුවේක්
උබයි මමයි මතකද හිටියෙ උජාරුවෙන්
කෙලවපු උන්ගෙ ග්‍රහයො අද සිට මාරුවේ

ඕයි විඳපන් වේදනා
දශනේට ලක් වෙවී ඈ දුක් වෙවීම ඝාතන
බල්ලො උබල පස් දෙනා මැරුම් කනවා
දුක් වෙවී විලාප් නඟපන් සක්වලේ ඉදන් පැමිණී මාරයා මං මාරයා

තාමත් අමාරුයි
අපි කාටවත්ම නෑඩො ලකුණු
මාවත් අවසානයි
උන් නැති කරා හීන දැකපු
හාමත්
ඔව් මං හාමත්
තව තුනයි ගන්න ඕනෙ අව දානම්
ජීවත් වීම උබට තහනම්

දුම ඇදෙයි පෙනහැල්ල කරා
උබලැති සෙල්ලංකරා
තරහ වැඩියි මලකුණටත් වෙඩි එල්ල කරා
තව එකයි කෙල්ලෙ ඉතුරු සත්තු ටික මෙල්ල කරා
උගෙ ඉරණම මගෙ පිහිය එයි බෙල්ල කරා
සිහිවෙද්දි
නැති වුනා ඉවසීම
ගිය දින සිට දුක හීනෙන් පැවසීම
වැලපීම අවසානේ නැවතීම
කටයුතු නිමයි ලැබේවා සැනසීම

written by Ashan Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply