ලබ්බේ රසවින්දනය | Labbe Rasavindanaya by RUDEBOYRAY

Sinhala song lyrics with music notes illustration

ඇඟ කිළිපොලන් යන වැස්සට, හිටියට ඵලක් නෑ නෙ ගස් යට
පොළොව ඉරිතලන්නෙ රස්නෙට, උන් මරු කියවන්නෙ උෂ්ණෙට
ලොකු ප්‍රඩක්ශන් කොලිටි නොතිබුනත් හදවත ට දැණුනා ඉස්සර
උඹලා – උඹලා ට සිංදු කරපු කාලේ තමයි #ත්තෝ ලස්සන..

කලාව වටකරන් ඉන්නේ පිස්සො ද? නන්නත්තාරෙ යන නිල මැස්සොද
එතකොට facts කියන්නෙ diss ම ද? Real වලට වඩා fake දිස්නෙ ද?
මම පොර කිය කිය නිතරම කට කියෙව්වෙ නැතුවත් තිස්සෙම
තොපෙ සිංදු 100ක punchline තියෙනවා මගේ බාර් 20ක..

තොපිලා වෙයල්ලා Batman, මට වෙන්න ඕන නෑ hero
ගිනිගනින් රැප රෝමෙ වගේ අළු වෙන්න, මම වෙන්නම් Nero
ගොඩක් bars වල අරුතයි ජොකියයි ගත්තම හතරෙන් තුනක් හිස් ලයින්
ඇහුවොත් ආසම රැපර් NF ඒත් මුන් රැප් කරන්නෙ වගේ Six-Nine…

කවුද genuine ම artist ? උන් වඳවෙලා යන species
කොල්ලෙක් බෙල්ලෙ වැල දාගන්නකන් බලන් ඉන්⁣නෙ නෑ ශෙයා කරන්න මං “Phoenix”
එක අතකට ආතල් මං බලන්න ආසයි සිද්ධවෙන දේවල් මේ ලෝකෙ
වෙන සිංදුවක් ලියද්දි ඉබේ ආවා මිසක් ඉස්සුවෙ නෑ මං flow J. Cole ගෙන්….

මට නම් වැඩක් නෑ බොලාගේ flow
මට වටින්නේ lyrics නෙ bro
Wordplay නම් මම pro
බර ම punchline වලින් ඩෝ
දැකලා ඇතිවෙලා කොල්ලො කෝලම්
අහයි “රූඩා අලුත් සිංදු කෝ? කෝ??”
තෑගි තියේ මා ළඟ Santa Clause ටත් වැඩියේ
Ho! Hoo!! Hooo!!! Hoooo!!!!
මේවා තේරෙන්නැත්තම් ඔව්! උඹලා Slow….
තාමත් Underground Rap තමයි dope
Conscious Rap නම් මම Pope
වදනින් beats වෙයි explode
මුහුවුණා වගේ Mentos එක්ක Coke
සල්ලි නෙවෙයි real fans ලා ට hope එකක්
දෙන්න විතරයි මට නම් ඕනා……

කාගෙවත් පිහිටෙන් නෙවෙයි ගේම run කළේ මං
තැරි දාර බයියෝ එක තැන පල් කළේ මං
තොපිට ශෙයා කරන්න බය ඇල්බම් කළේ මං
හරවත් සංගීතේ අකුරු හල් කළේ මං
ගැන දන්න උන් දන්නවා නැති උන්ට සොරි,
ආත්මෙ විකුණන් මට නම් හම්බකරන්න බැරි
ලෙජන්ඩ් ලා දාගන්න සිංදු, පේජ් ළඟ බලු වුණ හැටි inbox වල ඇති…

මල්සරාගෙ පු# ට විදලා හීයකින්, තියපන් Beretta 160කින්
කුණු රහ දැනෙද්දි පෙරේතකම ට උගේ සත්වාදය පෑලෙ දො⁣රින් පැනලා ගිහින්
මිනී වලවල් කපන්න කතා කරපු උන් දැන් ලියන කොමිටල් මරු අනේ
“ගජමන් නෝනා” ව impress කරන්න “ඇලපාත” කියපු කවි වගේ…

ඒ රැප් ලිවීම සරල සූත්‍රයක් බොලා ට කියලා දෙන්නම් මම
“සුදු අරලියා මල” ධන(+), tempo වැඩිකිරීම(x) තුන..
කොලිටි මොටද නේද බං බොලා ට සෝබනවලට, දිගට-හරහට වැටෙන විව්ස් වලින් කන්ෆියුස් උඹේ ඇතුලේ ආර්ටිස්ට් දැන් මැරිලා ගිහින්…

සිංදු අහන තොපිත්, මොන ගූ ගොඩත් ඉතිං “රැප්” නම් යයි කර තියන් දීගෙන
ඒකයි ඔය තක්කු – මුක්කු – කුක්කු බිව්ව #ක්කු පහරන්න එන්නෙ මේකෙ ම..
එක එකාගේ recognition එපා මට, යනවා තනියෙන් කාගෙන
තොපි ට බැන බැනා නොදැනිම ආවා මං අර උස්සපු flow එකට ආයෙම….

නම ට අධිමාත්‍රික songs
“ලබ්බේ රසවින්දනේ” ෂෝක්
ඔය කලාව හදන ටෝක් සමයි
Nazi feminists ලා ගෙ jokes
යටින් මුන් දාගෙන lace thong
උඩින් ඇඳගෙන ටයි – කෝට්
වෙළෙන්දො නම් ඉන්නවා ඕන තරම්
ඒත් artists ලා නම් NO!
ලදරන් බස් එකක් ඉන්ඩස්ට්‍රිය
උඩ දාන් ගැහුවට “හෝන්”…
සල්ල ගන්න කොන්දොස්තර ඉන්නෝ
ඒත් එළවන driver “කෝ???”
“යොහානි” ගෙන් ජාත්‍යන්තර overdose
ගිය උන් අහපන් “Shan Vincent De Paul”
“ශාන් පුතා” චා කිව්ව එවුන්
“Ravi J”, “රොෂාන්” ට feature කරද්දි කෝ බං???

written by Rayviyan Floyd Driyon

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply