Sinhala song lyrics with music notes illustration

මනස මාරයාට බාරදුන් විමානයක්
බ්‍රහ්ම පාදේ අන්සබාග වී, හෙව්වා මන් පරාලයක්
පිරෙව්වා ජීව-දත්ත හංගලා විශාදයක්
උනානම් මාව එදා කාන්දු පලන් පැලෝපීය නාලයක්
පාවා දුන්නා අදේවවාදී ඥානයත්
හෙව්වා හැම පත්තරේම පලාපල හේතු ග්‍රහ චාරයත්
වියෝව අන්දකාරේ පිටාර යත් විකාරයක්
යථාව දහම කලෙක වෙයි සොබාව අඳුරු පිළිල ජාලයක්
නිර්දේශේ දොස්තරයි
ලියයි බෙහෙත් පෙති වට්ටෝරු චිකිත්සා විස්තරයි
ඔව් විද්‍යාවයි විඥානයයි අනුත්තරයි
ජිවේ අවසානේ තෙක්ම මාරු නැති යකයි කොන්දොස්තරයි
ආලෝකේ පාළු කාමරේ තනිය කරන් බිලිත්
සිරිත් මාරා විරිත් පලා ගිහින් දැනෙයි ඉහේ විලිත්
ජීවිතේම පාලි යක් උඹ දහන් පිරිත්
සිතුවිළි පෙළපාලියක් තියං කිලිත්

මේ ජීවිතේම එක්තරා විකාරරූපී රික්තයක්
නාඳුනන විනිශ්චයකරුවෝ කෙරුවා රෝගියාම විත්තියත්
දොරක් නැති කාමරේක කළු පිල්ලියක්
මාව පන්න පන්න කෑවා හිතත් පිස්සු හැදුණු බැල්ලියක්
පිරිසක් මැද මං හිටියත් වෙනසක් නෑ, තනිව මැරුණු
හුදකලාවේ ගිලී මා සෙනෙහස් ඌනතාවේ පිළිකාවෙන් පෙළුණු
නිමාවක් නෑ, පතුලක් නෑ.. අන්ධකාරේ ගිළුණු
වළකට වැටුණා අපාය ට මං හිඩැසකින් නොනැවතී, පැළුණු
ලුහුවත් වෙන පරිපථ, නිවන බ්‍රේකරය
Fluoxetine පාලනය, කළා ද විධාන ප්‍රේරකය
“මූට පිස්සු” සමාජේ සත්තු අලවපු ලේබලය
දිනෙන් දින දැක්කා මං, මගේ ම මෘතක ලේබරය
ලියාගන්න බෑ වචන, කුරුටු බලි හිස් පිටු
හිල් කරන් තුඩින් කිඳා බහිනවා පෑන
මේ suicide case සේරම තොපි හැමෝම
අවුරුදු ගාණක් තිස්සෙ ටිකෙන් ටික කළ murders

Murders suicide and murders
අද මාව අරන් යන්න එයි satan’s daughters
සන්සාරේ places woth inzane cases
මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces
Murders, Murders, suicide and murders
අද මාව අරන් යන්න එයි satan’s daughters
සන්සාරේ places woth inzane cases
මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces

හිත මගෙ දැං එක තැනක නතරවෙලා පිරි අන්දකාරේ
තනිකම දැං හැම රෑම මාව මැරුවා තියෙන්නේ අවතාරේ
හොයං පාලු තැං මගේ ලෝකෙක මම කුරුටු බලි මැද ආයේ
හිර වෙල දැං බිත්ති හතරෙන් වටවුන කාමරෙක ආයේ
ආයේ ඇවිලෙන්නෙ සිතුවිලි හිත පතුලෙ දැං ආයේ
පියං මගෙ දැස් දනිං වැටී මං ගිනිගන්න සොහොන ලඟ මාගේ
බෑ තවත් මට කල් ඉවසන්නෙ දෙවියංගෙං මට යන්න මේකෙන් කාලේ

කළුවර ගින්දර වේගෙන් මනසට නෑවිත් ඉන්නට තිබුනා
ඉවසන හන්දම ඈතින් හිදගෙන දෑතින් ඇස් දෙක වැසුනා
නළලත රැල්වල තේරුම් පවසන ආතතියෙන් හිත ගිලුනා
තනිකම හිස්කම පාළුව පවතින ලෝකෙන් යන් පාපෙන් ගැලවී මා
බිදිලා මා මරණය ඉක්මන් වේනම් හදවත නාඩන් දුක් ශෝකෙන් හිත් පාරා

written by Manasick, RUDEBOYRAY, Tikx Kooda & Ravindu

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply