කෝද්රේ | Kodre by Piyath Rajapakse [2019]

Sinhala song lyrics with music notes illustration

පවුරකින් නොබිඳෙනා
ප්‍රේමයම බර්ලින් වුනා
මීදුමෙන් හැඩ දමා ආදරෙන් ආලය දිවුරා
සිනහාවෙලා ලංවෙන්නී සියල්ලක්ම පාහේ දන් දුන්නී හඩාලා
ලංවෙන්න දීලා සිප ගන්න කියලා ආදරය වින්දා මා හා

ඇගේ නම කෝද්රේ කෝද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා
ආයේ නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්
කෝද්රේ බර්ලිනේ හැරදා නුබ ඒ නම්

නිල්නුවන් දිලිසුණා ප්‍රේමයට රාගය කියා
නුබෙ වතින් දිස් වෙනා උනුසුමට මා මත් වුනා
කෙහෙරැල් පවා දෑතේ දැවටි දැවවි සුව වින්දා
දැහැනින් මා මුදා
යලි එන්න සිතුනා
හමුවන්න මතු දා සිතුවෙ මං සැමදා

ඇගේ නම කෝද්රේ කෝද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා
ආයේ නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්
කෝද්රේ බර්ලිනේ හැරදා නුබ ඒ නම්

ඇගෙ බසින් කියු වදන් මතකයෙ රැදුනා
දුර ඉදන් මෙ තරම් වෙදනා වින්දා

කෝද්රේ කෝද්රේ
මට නුබව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
තවත් මතක සිරවී කදුලක තියෙනා

කෝද්රේ කෝද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා
ආයේ නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්
කෝද්රේ බර්ලිනේ හැරදා නුබ ඒ නම්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply